IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කැබ් - ත්‍රිරෝද අනතුරින් දියණියක් මරුට

( කාංචන කුමාර ආරියදාස)


දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ උණපඳුරුයාය ප්‍රදේශයේ දී 04 දින පස්වරුවේ  කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ එකම පවුලේ මව, පියා, දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී   වයස අවුරුදු එකහමාරක දියණියක්  මියගොස්  ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

අනතුරින් තුවාල ලැබූ මවත් පියාත් වයස අවුරුදු හතරහමාරක  පිරිමි දරුවෙකු බරපතල තුවාල ලබා තිබෙන බව දඹුල්ල රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

දඹුල්ල  දෙසින් බකමූණ දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් සහ බකමූණ දෙසින් දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් මෙසේ අනතුරට ලක්ව තිබේ.

කැබ් රථ රියදුරාගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇතැයි මූලික පරීක්ෂණවල දී අනාවරණය වූයේ යැයි දඹුල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු එකහමාරක්  වූ  දිල්මි සවින්ද්‍යා  සඳදිනි    නැමැති කුඩා දියණිය වන අතර බරපතළ තත්වයේ පසුවන්නේ මෙම පවුලේ වැඩිමහල් දරුවෙකු වූ වයස අවුරුදු 4ක් වූ ඕෂධ විභාත් පෙරේරා බවත් තුවාල ලබා ඇත්තේ එම දරුවන් දෙදෙනාගේ මව එල්.ආර්.එම්. දමයන්ති (32) පියා එච්. ඒ. කෙනඩි ක්ලැරන්ස්  පෙරේරා (32) යන අය ය.

මෙම පිරිස මැල්සිරිපුර පන්ලියැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

දියතලාවේ ප්‍රදේශයේ පදිංචිව සිටින බිරිඳගේ ඥාති නිවසක සිට නැවත මැල්සිරිපුර සිය නිවෙසට යන අතරතුරදී මෙම අනතුර සිදුව තිබේ.



අදහස් (0)

කැබ් - ත්‍රිරෝද අනතුරින් දියණියක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site