IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොබෙයිතුඩුවේ ව්‍යාපාරිකයකු කපා කොටා ඝාතනය කරයි

(ඩී.ජී.සුගතපාල)

බටපොල කොබෙයිතුඩුව ප්‍රදේශයේ දී අද (2) දහවල් පුද්ගලයකු කඩුවලින් කපා කොටා ඝාතනය  කර ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ බටපොල තිලකපුර පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මියගිය අය තමාගේ වෙළඳසලට මස් ගෙනයාම සඳහා කොබෙයිතුඩුව ප්‍රදේශයේ මස් වෙළඳසළකට පැමිණි අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි තිදෙනෙකු ඔහුට පහරදීමට සූදානම් වනවිට ඔහු වෙළඳසැලෙන් එළියට පැන දුවගොස් තිබේ.

එසේ දුව යන විට පිටුපසින් හඹාගිය තිදෙනා අසළ වෙල්යායකදී ඔහුට කඩුවලින් පහරදී ඝාතනය කර ඇත.

මියගිය අය මනුෂ්‍ය ඝාතන නඩුවක විත්තිකරුවකු බවත් මෙය දෙපිරිසක් අතර කලක පටන් පැවති ආරවුලක් මත සිදුව ඇති බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් බටපොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 



අදහස් (1)

කොබෙයිතුඩුවේ ව්‍යාපාරිකයකු කපා කොටා ඝාතනය කරයි

තම්බි මරික්කාර් Tuesday, 02 July 2019 07:49 AM

එතකොට මේ කඩුව හදිසි නීතියට අයිති වෙන්නේ නැද්ද නීතිය පිරිසකට විතරද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site