(මනෝජ් හර්ෂික)
මෙරට නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොරවල නියමිත සංඝටක තිබේදැයි සොයා බැලීම අනිවාර්යයන්ම සිදුකළ යුතු බවත්, ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නියාමනයක් ක්‍රියාත්මක කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
පොහොර සමාගම්හි නිලධාරීන් හා පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා අද (02) මෙසේ පැවැසීය.
මේ වන විට කෘෂිකර්ම අමාත්‍යාංශයේ සමාගම් 30ක් පමණ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ලියාපදිංචි වී ඇතත්, ඇතැමුන් පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය පිළිබඳ මෙතෙක් විමර්ශන සිදුනොකිරීම පිළිබඳ ද එහිදී අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.
එසේම කාබනික පොහොර නිෂ්පාදනයේදී සංඝටකයක් ලෙස භාවිතා කරනු ලබන පොස්පරස් සඳහා එප්පාවල පොස්පේට් භාවිත කළ හැකි බව කාබනික පොහොර නිෂ්පාදකයන්ව දැනුවත් කරන ලෙස පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට එහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.
මේ වන විට මෙවර යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ගබඩාවන් තුළ පවතින බවත්, ලක්පොහොර හා කොමර්ෂල් පොහොර සමාගම් සතු ගබඩාවන්හි පවතින ගැටළු කඩිනම්ව විසඳින බවද අමාත්‍යවරයා පැවසීය.
අනුරාධපුර කිරලෝගම ගබඩාව සඳහා ඇතුළු වන මාර්ගය කොන්ක්‍රීට් යොදා සැකසීම, වැලිමඩ සේරුනුවර සහ පදවිය සඳහා නව ගබඩා ඉදිකිරීම සඳහා පියවර ගැනීම කළ යුතු බව ද මෙහිදී යෝජනා විය.
ඉදිරියේදී රජයේ වතු සඳහා එප්පාවල පොස්පේට් සමාගමේ පොහොර යෙදීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සිය එකඟතාවය පළකළ අතර තේ, පොල්, රබර් සඳහා එප්පාවල සමාගමේ පොස්පේට් පොහොර භාවිතය වැඩි කළ යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාබනික පොහොරවල නියමිත සංඝටක ඇත්දැයි සොයා බැලීමට යයි