(ටී. එච්. සරත්)
තලාතුඔය ගාල්තැන්න ශ්‍රී භද්‍රකාලි අම්මාන් දේවාලයට අද (25) ඇතුළු වූ පිරිසක් එහි සේවකයින් හා කපු මහතා බැඳ දමා එහි තිබූ රත්රන් කිලෝ 12 ක පමණ ප්‍රමාණයක් හා මුදලින් රුපියල් ලක්ෂ 20 ක් පැහැර ගෙන ගොස් තිබේ.
එහි තිබූ කුඩා ප්‍රමාණයේ මැණික් ගල් කිහිපයක් ද රැගෙන ගොස් ඇත.
තලාතුඔය පොලිසිය නිල සුනඛයන් යොදවා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අද උදෑසන හත්දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් දේවාලයට ඇතුළු වී දේවගැතිවරයා පූජාවට යන මොහොතේ ඔහු අල්ලා බැඳ කාමරයකට දමා වසා, සේවක කාන්තාවක හා සේවකයින් ද කාමරයකට දමා වසා ඇත.
තලාතුඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කපුවා බැඳ දමා දේවාලයේ රත්රන් - මුදල් පැහැරගනිති
rocky Wednesday, 25 September 2019 05:15 AM
ඒ අතරේ භද්‍රකාලි අම්මාන්ට නින්ද ගිහින් තිබුණද? හොරුන්ට දේවාශීර්වාද ලැබේවා!
Siripala Wednesday, 25 September 2019 05:45 AM
ඔය මුදල් රත්තරන් දේවාලේ තිබුනත් වැඩක් නැහැනේ. ඒ නිසා දැන් ඔය බඩුවලින් කවුරුහරි වැඩක් ගත්තොත් නරකද? දුප්පතෙකුට ගෙයක්වත් හදලා දෙනවනම් හොදයි.