(දයාරත්න ඇඹෝගම)
යුද හමුදා කපිතාන්වරයකුගේ රුපියල් 345,000 ක් වටිනා යතුරුපැදියක් සොරාගත් පුද්ගලයකු අද (01) යතුරුපැදිය ද සමඟ රාජාංගනයේ දී අත්අඩංගුවට ගත්බව තඹුත්තේගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජාංගනයේ පදිංචි ලලිත් විජේසිංහ හෙවත් කොටියා නැමති ධීවරයෙකි.
අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයා ගෙවල් තිහ, පහේ කණුව රාජාංගනය යන ලිපිනයේ පදිංචි මෙම හමුදා කපිතාන්වරයාගේ නිවසේ මිදුලේ නවතා තිබූ යතරුපැදිය ඊයේ (30) සොරාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
සැකකරු අද (1) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කපිතාන්ගේ යතුරුපැදිය සොරාගත් ධීවරයෙක් අත්අඩංගුවට