IMG-LOGO

කොන්දොස්තරගේ මුදල් කොල්ලකෑ මගියා රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)
 
මාතර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක කොන්දොස්තරවරයෙකුගේ මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු ඔක්තෝබර් 4 දක්වා රිමාන්ඩ් බන්ධාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(26) නියෝග කළේය.
 
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේ රත්ගම රණපනාදෙණිය ප්‍රදේශයේ පදිංචි දඩල්ලගේ මනෝජ් ලසන්ත නමැති සැකකරුවෙකි.
 
ඊයේ (25) සවස ගාල්ල සමුද්‍ර මාවතේ මහජනපොළ අසළ බස් නැවතුමේ බසය නතර කල අවස්ථාවේ කොළඹ යාමට බව බවසා සැකකරු බසයට ගොඩවී ඇත. බසය ප්‍රධාන බස් නැවතුම් පොළ ඉදිරිපිට නැවතුමේ නතරකළ අවස්ථාවේ සැකකරු එක් වරම කොන්දොස්තරවරයා අත තිබූ රුපියල් 4,800ක මුදල කොල්ලකා දුව ගොස් තිබේ. සැකකරුව පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබිණි.
 
ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් නිශාන්තගේ උපදෙස් පරිදි සරයන් උදය කුමාර (14104) මහතා විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.



අදහස් (0)

කොන්දොස්තරගේ මුදල් කොල්ලකෑ මගියා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 98 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 496 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 259 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site