IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


කන්දකැටිය ගොවීහු විරෝධතාවක

(නිශාන්ත කුමාර) 
 

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හා කන්දකැටිය වාරිමාර්ග කොට්ඨාසයට අයත් බදුලු ඔය ව්‍යාපාරයේ  ගොවි එකමුතුව එක්ව  සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (22 ) කන්දැටිය, කඳපොත්තාව වෙල්යායේදී පැවැත්විණ.
 
පසුගිය කාලයේ පැවති දැඩි නියඟයෙන් විනාශයට පත් ව්‍යාපාරයෙහි වගාවන්ට වන්දි ලබාගැනීම, ජලය සැපයීම සඳහා නිසි ලෙස වාරිමාර්ග පද්ධතියක් ඉදිකර ගැනීම හා යෝජිත රනැල්ල වැව ඉදිකරවා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
 
 සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ විධායක සභික සුදත් බලගල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උද්ඝෝෂණයට කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ  මහජන නියෝජිතවරු ඇතුළු එම ව්‍යාපාරයේ ගොවීහු 100කට ආසන්න පිරිසක්   සහභාගී වූහ.
 
එම පිරිස පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වූහ.
 
 මෙම උද්ඝෝෂණය  බදුලුඔය  ව්‍යාපාරය නිවැරදි මාවතකට ගැනීම  වෙනුවෙන් ආරම්භ කරන අරගලයේ මුල් පියවරක් බවත්  ඉදිරි  දින 10ක් තුළ මේ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාර නොලදහොත් කන්දකැටිය නගරය වටලා දැවැන්ත උද්ඝෝෂණයක් කරන බවත් ඔවුහු පැවසූහ.


 



අදහස් (0)

කන්දකැටිය ගොවීහු විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 507 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 324 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 476 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site