IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කාන්තාවන් සඳහාම විශේෂ බස් සේවයක් ඇරැඹීමට යයි


( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
ඉදිරියේදී සෑම දුම්රියක මෙන්ම කාර්යාල සහ පාසල් වේලාවන්හිදි කාන්තාවන් සඳහාම වෙන්වූ බස් රථ සේවාවන්ද ආරම්භ කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (8) වේයන්ගොඩදී පැවසීය.
 
ඇමතිවරයා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගෙන කාර්යාල දුම්රිය 7ක කාන්තාවන්  සදහා මැදිරි වෙන් කිරීමේ අවස්ථාව සනිටුහන් කරමින් මීරිගම සිට කොළඹ බලා ධාවනය වන කාර්යාල දුම්රියේ කාන්තා මැදිරිය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
 
මිරීගම කොළඹ කොටුව දුම්රියට අමතරව  කාර්යාල දුම්රියන් වන බංගදෙනිය, සාගරිකා,  සමුද්‍රදේවී,  රඹුක්කන, මහව, දුම්රියන්හි තුන්වැනි පංතියෙන් එක මැදිරිය බැගින් අද 8 සිට කාන්තාවන් සඳහාම වෙන් කරනු ලැබේ.
 
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සමාරම්භක අවස්ථාවට කීනවල දුම්රිය මගී සංගමයේ අනුශාසක ගින්නැලියේ ආයුපාල හිමියන්, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීනි ගායත්‍රි වික්‍රමසිංහ,  දුම්රිය සාමාන්‍ය අධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අර්ජුන රණතුංග මහතා මෙසේද කීවේය.
 
"කාන්තාවන්ගේ ඉල්ලීම මත මෙය ආරම්භ කරනු ලැබුවා. කාන්තාවන් සඳහා වෙනම මැදිරි ක්‍රමය  ලංකාවේ වසර ගණනකට පෙර ක්‍රියාත්මකව පැවතුන බවත් පසු කාලීනව එය අඩාල වුණා. දැන් අතීතයේ සිදුවූ දේ කතා කර වැඩක් නැහැ. වර්තමානයේ හා අනාගතය වෙනුවෙන් අපි කටයුතු කරන්න අවශ්‍යයි"

කාර්යාල දුම්රියවල පවතින අධික තදබදය හේතුවෙන් ඒවායේ ගමන් කරන කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන  අපහසුතා සහ අතවර  මෙම වැඩපිළිවෙළ තුළින් මැඩපවත්වා ගත හැකි වන බවද ඇමතිවරයා සඳහන් කළේය.

 කාන්තාවන්ට වෙන් කළ මැදිරියට වෙනත් අය ගොඩවීම වැළැක්වීමට හා කාන්තාවන්ට වෙන් කළ සේවා මැදිරිය ඒ ලෙසම පවත්වාගෙන යාමේදී කාන්තාව සිය ආරක්ෂාව සලසාගනු ඇති බවට විශ්වාසය පළ කරන බවද ඇමතිවරයා කීය.



අදහස් (1)

කාන්තාවන් සඳහාම විශේෂ බස් සේවයක් ඇරැඹීමට යයි

indika Friday, 08 March 2019 06:02 AM

මේක අලුත් දෙයක් නෙවේ. තිබුනා නේද. මොකද ඒකට වුනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 194 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site