(ඩී.කේ.රත්න)
කාන්තාවන් රවටා වංචාකාරී ලෙස මුදල් සහ රන් භාණ්ඩ ලබා ගත් පුද්ගලයෙකු ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (05) බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් කීර්ති කුඹුරේහේන මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය.
මෙම පුද්ගලයා බදුල්ල පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි එච්.එම්.සමීර කසුන් හේරත් නැමති අයෙකු බව පොලිසිය කියයි.
මොහු ඇල්ල කුඹල්වෙල ප‍්‍රදේශයේ නිවසකින් හා ඇල්ල හෙළ හල්ලේ ප‍්‍රදේශයේ නිවසකින් කාන්තාවන් පමණක් සිටින අවස්ථාවේදී එම නිවෙස්වලට ගොස් එම කාන්තාවන්ට ආධාර මුදල් ලබාදෙන බව පවසමින් එම නිවෙස්වල තිබූ මුදල් හා රන්භාණ්ඩ රැගෙන ගිය බවට ඇල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
එම පැමිණිල්ලට අනුව එම ප්‍රදේශවල තිබූ සීසීටීවී කැමරා පරීක්ෂාකර මෙම පුද්ගලයා හඳුනාගත් බවත් පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් ඇල්ල පොලිසිය පැවැසීය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කාන්තාවන් රවටා මුදල් - රන් භාණ්ඩ ලබාගත් අයෙක් රිමාන්ඩ්