IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කළ සැකකරුවෙක් රිමාන්ඩ්

(අප්සරා යෝසිත් විජේසූරිය)
 
රත්නපුර එගොඩ මල්වල ප‍්‍රදේශයේ කාන්තාවන් දෙදෙනකු ඝාතනයකිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවකු ජූනි මස 05 දක්වා බන්ධනාගාර ගත කිරීමට රත්නපුර වැඩබලන මහේස්ත‍්‍රාත් වසන්ත වීරසිංහ මහතා නියෝග කළේය.
 
මෙසේ බන්ධනාගාර ගත කරන ලද්දේ තෙල්දෙණිය කිතුල්ගල මහනුවර ලිපිනයේ පදිංචි මහින්ද සමරක්කොඩි නැමැති 43 හැවිරිදි අයෙකි.
 
ඉකුත් 15 දින රාත‍්‍රියේදී එගොඩ මල්වල ප‍්‍රදේශයේ නිවසක පදිංචි සිටි ලලනී  පුෂ්පලතා (43) නැමති විවාහක එක්දරු මවක සහ එම කාන්තාවගේ මව වන කේ.නන්දාවතී (75) නැමැත්තිය තියුණු ආයුධවලින් කපා කොටා මරාදැමීම සම්බන්ධව මෙම සැකකරු 26 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය පවසයි. 
 
සැකකරු මියගිය ලලනී පුෂ්පලතා නැමැති කාන්තාවගේ  විවාහක සැමියා බවද හොරණ ප‍්‍රදේශයේ තැඹිලි විකිණීමේ යෙදී සිටි අයෙකු බවද තොරුතුරු අනාවරණය ඇත. 
 
ඝාතනයට පත් කාන්තාවන් සිටි නිවසේ තිබූ අධිකරණයකට දඩමුදල් ගෙවූ රිසිට්පතක සඳහන් කරුණු අනුව සැකකරු සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.
 
බණ්ඩාරගම පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන රත්නපුර පොලිසිය වෙත භාරදී තිබුණි.
 
මෙම නඩුව ජූනි මස 15 දින අධිකරණයේදී යළි කැඳවීමට නියමිතය.



අදහස් (0)

කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කළ සැකකරුවෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site