IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘කාන්තාවන්ට ශක්තියක් වෙන්න ආණ්ඩුවට හැකියාව ලැබුණා’


 
                       
(නිමල කොඩිතුවක්කු)
     
මෙයට පෙර තිබූ කිසිම ආණ්ඩුවක් යටතේ කාන්තාවන් ශක්තිමත් කරන්න කිසිදු වැඩකටයුත්තක්  සිදුකර නොමැති බවත්  බිම් මට්ටමේ කාන්තාවන්ට නොලැබුණු ශක්තියක් ලබාදිමට වත්මන් ආණ්ඩුවට හැකියාව ලැබී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (10) පැවසීය.


වත්මන් රජයේ මෙම වැඩපිළිවෙළ හේතුවෙන්  ඊළඟ අවුරුදු කිහිපය තුළදී කාන්තාවන් දේශපාලනික සහ ආර්ථික වශයෙනුත්  ඉදිරියට එනු ඇති බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ  පැවති ‘ධනාභිමාණ’ කාන්තා වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. 


එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.


මේ අවුරුද්ද ලංකාවේ කාන්තාවන්ට විශේෂ  අවුරුද්දක් වනවා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට  විශාල කාන්තා නියෝජනයක් පළාත් පාලන ආයතන වලට ලැබිලා තියෙනවා.  


මෙයට පෙර එම  එම නියෝජනය තිබුණේ සියයට එකත් දෙකක් වගේ ප්‍රතිශතයකිනුයි. මේ අලූත්  ක්‍රමවේදය අනුව සියයට 25ක පමණ නියෝජනයක් අපි බලාපොරොත්තු වුණා. කෙසේ වුණත් සියයට විසිදෙකක් පමණ මේ වනවිට කාන්තා නියෝජනයක්  ලැබිලා තියෙනවා.


හැම පළාත් පාලන ආයතනයක්ම අද කාන්තාවන්  නියෝජනය කරනවා. මෙයට පෙර බිම් මට්ටමින් එම නියෝජනය  තිබුණේ නැහැ. බිම්  මට්ටමට නායකත්වය දෙන්න අද කාන්තාවන් සිටිනවා. 


අද  කාන්තාවන්ට මෙම  නියෝජනය හිමිවෙලා තියෙන්නේ  එක්සත් ජාතික පක්සය ගත් තීරණයක් නිසයි. පළාත්  පාලන ආයතන වලට සියයට 25ක කාන්තා නියෝජනයක් ඕනෑ කියලා අපි තීරණය කරලා මෙම කටයුතු ඉදිරියට  ගෙන ගියා.


බිම් මට්ටමේ නියෝජිතයන්  වෙලා පමණක් මදි. බිම් මට්ටමේ නියෝජිතවරියන්, අනික් කාන්තා නායිකාවන් අපි ශක්තිමත් කළ යුතුයි. එම වැඩපිළිවෙළ මෙහෙයවිම අපේ වගකිමක් වනවා.
 



අදහස් (0)

‘කාන්තාවන්ට ශක්තියක් වෙන්න ආණ්ඩුවට හැකියාව ලැබුණා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site