(වන්නි රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය, පණ්ණකඩ්ඩි ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
මාන්කුලම, මුරුකණ්ඩි, වසන්තනගර් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි එක්දරු මවක් වන කරුපයියා නිත්‍යකලා නමැති කාන්තාවක් ඝාතනය කර ,කිලිනොච්චිය පණ්ණකඩ්ඩි ප්‍රදේශයේ කුඹුරු යායක මළ සිරුර දමා තිබියදී පසුගිය 29 වැනිදා සොයාගත් අතර, අදාළ ඝාතනය සම්බන්ධයෙන් කිලිනොච්චිය, විනායගපුරම් ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මේ අතර සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඝාතනයට ලක් වූ කාන්තාවගේ අවසන් කටයුතුද ඊයේ සවස මුරුකණ්ඩි පොදු සුසාන භූමියේදී සිදු කෙරුනේ ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.
කුඹුරු යායක තිබී සොයාගත් මළ සිරුර සම්බන්ධයෙන් යාපනය රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අදාළ මරණය ගෙල කිසියම් වයරයකින් හෝ ලණුවකින් සිරකර සිදුකළ ඝාතනයක් බවට අනාවරණය වු බවද කිලිනොච්චිය පොලිසිය පැවසීය.
මරණ පරීක්ෂණ වාර්තාව අනුව මියගිය කාන්තාව මාස පහක ගර්භනි කාන්තාවක් වන බවටද අනාවරණය වී ඇත.
පොලිසිය වැඩිදුරටත් පැවසූවේ මියගිය කාන්තාව කිලිනොච්චිය ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක ආරක්ෂක රාජකාරි කටයුතු සිදුකර ඇති අතර ඇයගේ සැමියා නොමැති වීමෙන් තනිවම සිටි අතර මෑත කාලයේදී තවත් පුද්ගලයෙකු සමග සම්බන්ධතාවක් පැවැති බවට ප්‍රදේශවාසීහු කියා සිටියහ.
පොලිසිය පැවසූවේ ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට ගිය පිරිසක් අදාළ කාන්තාවගේ මළ සිරුර දැක ඇති අතර, අනතුරුව පොලිසිය දැනුවත් කර මෘතදේහය පරීක්ෂණ කටයුතු සඳහා යොමු කළ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාන්තාවක ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට