IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කාන්තාවක අපයෝජනය කළ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)

හෝමාගම ගොඩගම අතුරු මාර්ගයකදී කාන්තාවක අපයෝජනය  කිරීමට උත්සහ කළ බව කියන කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි.

සැකකාර වෛද්‍යවරයාට  එම කාන්තාවගේ සැමියා පහරදීමෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ ඇති අතර  කාන්තාවද එම රෝහලටම ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.

පහර කෑමට ලක්වූ වෛද්‍යවරයා ගොඩගම ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන යන අයෙකු බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධියට මුහුණ පෑ කාන්තාව සිය දරුවා සමඟ එම පාලු මාර්ගය ඔස්සේ නිවස කර පැමිණෙමින් සිටියදී මෝටර් රථයකින් පැමිණ තිබූ සැකකාර වෛද්‍යවරයා කැලෑබද ප්‍රදේශයකදී එම කාන්තාවට හිරහැර කර ඇති බව පොලිසිය කියයි.

එම කාන්තාවගේ කෑ ගැසීමත් සමඟ සැකකාරු වෛද්‍යවරයා පලාගොස් ඇති බවත් පසුව කාන්තාව එම සිද්ධියට සිය සැමියාට පවසා ඇති බවත් පොලිසිය කීය.

එම කාන්තාවගේ සැමියා සැකකාර වෛද්‍යවරයාගේ නිවස සොයා යාමේදී ඉදිරියට මෝටර් රථයකින් පැමිණී වෛද්‍යවරයාට පහර දී ඇති බව පොලිසිය සඳහන් කළේය.



අදහස් (4)

කාන්තාවක අපයෝජනය කළ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

ලුම්බිණි Tuesday, 22 October 2019 01:00 AM

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේවට මොකුත් කියන්නේ නැහැ නේද?

:       0       43

ආතුරයා Tuesday, 22 October 2019 01:15 AM

සෞඛ්‍ය අංශයේ අපයෝජන සිදුවන්නේ වෛද්‍ය වරුන්ගෙන් පමණක් නොවේ. රෝහල්වල ආරක්ෂක අංශවල සිටින කාන්තාවන්ගෙන් බොහෝ විට රෝගීන්ටත් අපයෝජන සිදුවෙනවා.. ඔවුන් ඉන්නේ සෞඛ්‍ය ඇමතිගේ ගානට බලය තියෙනවා කියා සිතාගෙන. මේරටේ තිස් වසරක යුද්ධයක් තිබූ කාලයේවත් කිසිම රෝහලකට පහරදීමක් සිදුවුනේ නැතත් මෙලෙස අනවශ්‍ය ආකාරයට රෝගීන්ට කරදරකාරී ලෙසට කටයුතු කරන පුද්ගලික ආරක්ෂක අංශ යොදා තිබීම රෝගීන්ගේ හිමිකම් අහිමි කිරීමක්නේද. ඒවාගේම මෙම ආරක්ෂක අංශවල අය රෝගියා ළඟ පවුලේ කෙනෙකු සිටිනවාට වඩා පුද්ගලික උපස්ථායක සේවයක අයට සැලකිල්ලක් දැක්වීමද ඉතා අසරණ රෝගීන්ට බලවත් කරදරයක් වෙනවා. මෙම 2019.10.21 දින අත්දැකීමක් ඇසුරෙනි

:       0       4

නෙවිල් Tuesday, 22 October 2019 02:03 AM

වෛද්‍යවරයෙකුට ගැහුවයි කියල GMOA වැඩ වර්ජනය කරාවිද ?

:       0       19

A to Z Tuesday, 22 October 2019 03:54 AM

මේක ඈත්ත කතව නෙවේයි වගේ, මේක යට වෙන කතවක් තියෙනව වගේ

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site