(නිශාන්ත කුමාර)
හැරදමා ගිය සැමියා යළි ගෙන්වා දෙන බව පවසමින් 27 හැවිරිදි විවාහක කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කළ බව කියන දේවාලයක කපුවෙකු අද (23) අත්අඩංගුවට ගත්බව ගිරාඳුරුකෝට්ටේ පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරාදුරුකෝට්ට අළුත්තරම පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.
කපුවා තමාගේ රුපියල් 20,000 ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් බවට ද කාන්තාව පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ ගිරාඳුරුකෝට්ටේ පොලිසිය සැකකාර කපුවා අත්අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබේ.
එම කාන්තාව රවටා රුපියල් 20,000 ක මුදලක් වංචා කර ඇයට ලිංගික අතවර කිරීමට තැත් කළ බවට උසාවිය හමුවේ වරද පිළිගත් කපුවා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස මහියංගන මහේස්ත්‍රාත් ලක්ෂ්මන් ප්‍රියන්ත මහතා අද (23) නියෝග කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කාන්තාවක අපයෝජනය කිරීමට තැත්කළ කපුවා අත්අඩංගුවට