IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘කන්තලේ වැවේ වතුර අඩුවීමෙන් පානීය ජලය දීමේ අවදානමක්’


 
 
අමදෝරු අමරජීව
 
අක්කර අඩි 114,000 ක ජල ධාරිතාවයක රැඳවිය හැකි කන්තලේ වැවේ මේ වන විට ඇත්තේ අක්කර අඩි 10,875 ක ජල ධාරිතාවයක් වන බැවින්  ඉදිරියේ දී පානීය ජලය ලබාදීමේ අවදානමක්  පවතින බව කන්තලේ  කොට්ඨාස වාරිමාර්ග ඉංජිනේරු  ඩබ්.එන්.ලක්මාල් මහතා පැවසීය.


මෙහිදි තවදුරටත් අදහස් දැක්වු  වාරි  ඉංජිනේරු  ඩබ්.එන්.ලක්මාල් මහතා   ඇතැම් කුඹුරුවලට අවසන් වතුර මුර  දෙන්න බැරිවුණා. කොටසකට දකුණු ඉවුර ඇලක් කපලා දුන්නා. දැනට ඇති පානීය ජල ප්‍රශ්නයට පිළියම් යෙදිය යුතු වෙනවා. කන්තලේ වසා දමා ඇති  සීනිකම්හළ යළි පටන් ගතහොත් කන්තලේ වැවෙන් සීනි කම්හලටත් වතුර දීලා කුඹුරු වලටත් වතුර දෙන්න වැවේ වතුර මදි වෙනවා. ඒ නිසා මේ ගැටලුවට  මොරහගකන්දෙන් කන්තලේ වැවට ප්‍රමාණවත් වතුරක් ලබාදුනහොත් ගැටලුව විසඳා ගත හැකිය. එහෙම නැතිව වෙන විකල්පයක් නැහැ යැයි කීය.
 



අදහස් (0)

‘කන්තලේ වැවේ වතුර අඩුවීමෙන් පානීය ජලය දීමේ අවදානමක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site