IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


කනිටු සේවකයෝ කනස්සල්ලෙන්

රාජ්‍ය සේවයේ කනිෂ්ඨ සේවකයින් රාජ්‍ය කළමනාකර සහකාර සේවයේ තුන්වන ශ්‍රේණියට බදවා ගැනීමේ සීමිත තරග විභාගයේ මෙතෙක් පැවැති අධ්‍යාපන සුදුසුකම් මේ වසරේ ඉහළ දැමීම හේතුවෙන් විශාල පිරිසක් කනස්සල්ලෙන් පසු වන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනවිරත්න මහතාට ලිඛිතව දැනුම් දුන්නේය.

කනිෂ්ඨ සේවකයින් සදහා උසස් වීමක් වශයෙන් ඉල්ලුම් කිරීමට ඇති එකම විභාගය මෙය බවත්, සමාන්‍ය පෙළ විභාගයේ සිංහල හා ගණිතය සදහා සමාන්‍ය සාමාර්ථ සහිතව විෂයන් හයක් සමත් වීම පෙර පැවැති සුදුසුකම බවත්, අගෝස්තු 29 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව එම විභාගයට මුහුණ දීමට නම් භාෂාව සහ ගණිතය විෂයන් දෙකට සම්මාන සාමාර්ථ සහිතව එක් වරකදී සාමාන්‍ය පෙළ සමත් විය යුතු බවත් තිලකරත්න මහතා යැවූ ලිපියේ සදහන්ය.

විභාගයේ ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වූ දසදහසකට ආසන්න පිරිසක් අලුත් තීරණය නිසා අසාධාරණයට ලක්ව ඇති බැවින් අධ්‍යාපන සුදුසුකම් සංශෝධනය කර මෙම පිරිසට ඉල්ලිමට හැකි පරිදි අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙසද ඒ මහතා ඇමතිවරයාගෙන් ඉල්ලා ඇත.

 



අදහස් (0)

කනිටු සේවකයෝ කනස්සල්ලෙන්

ජයනි Thursday, 11 September 2014 01:47 AM

ඉහළ තනතුරු ලැබෙන්න නම් ඊට සුදුසුකම් තියෙන්න ඕනෑ. මේ රටේ ඕනෑතරම් උසස් පෙළ සමත්. ලකුණු කිහිපයකින් සරසවියට යන්න බැරිවුණ ළමයින් ඉන්නවා. අඩු ගණනේ අන්න ඒ ළමයින්ට මේ තනතුරු දෙන්න. (නි)

:       0       0

නිශේන් Thursday, 11 September 2014 01:50 AM

පිටරටවල කළමනාකරණ සහකාර තනතුරු වලට අවම සුදුසු කම උපාධිය. යන්තම් එක විභාගයක් පාස් කරගෙන ඊළඟට මහා ඒජන්ත වෙන්නත් ඒ ටික විතරක් ඇති කියලා ද කොහෙද මේ කට්ටිය හිතන්නේ (නදී)

:       0       0

ජිලාන් Thursday, 11 September 2014 02:24 AM

තමන්ගේ භාෂාව සහ ගණිතය සාමාන්‍ය පෙළ තත්ත්වයෙන්වත් අවශ්‍ය තරමට සමත් නැති අයටද මේ තනතුරු ලැබෙන්නේ? එතකොට උසස් පෙළ සිංහල දෙමළ භාෂා වලට පමණක් නොව උසස් ගණිතයටද ඉහළ සාමාර්ථ ලබා දිස්ත්‍රික් කෝටා ක්‍රමයට අසුවෙලා ඉන්න අයට මොකද කරන්නේ. (නි)

:       0       0

මංජුල Thursday, 11 September 2014 03:20 AM

විභාග පාස් නොවුනට පලපුරුද්දෙන් කළමනාකරණා කරන වැඩ ටික ඒ අයට වඩා හොඳට කරන කණිෂ්ඨ සේවකයෝ හැම ආයතනයෙම ඉන්නවා. ඒක ගොඩක් අය දන්නෙ නෑ. ඹය කියන විදිහට විභාග පාස් කරල ඇවිත් දෙයක් කරගන්න බැරුව නාන අයත් හැම ආයතනයකම වගේ ඉන්නවා. ඒක දන්නේ රාජ්‍ය ආයතනවල වැඩ කරන අය. මට හිතෙන විදිහට විභාගයක් තියල ඒකෙන් ගන්න අයට කලින් විදිහ හොඳයි කියලා (නදී)

:       0       0

පසිඳු Thursday, 11 September 2014 11:01 AM

මේකට භාෂාව සහ ගණිතය විෂයන් දෙකට සම්මාන සාමාර්ථ ඕනෑ (නදී)

:       0       0

ශාන්ත Thursday, 11 September 2014 06:29 AM

ගැසට් 1හොඳට කියවන්න. (නදී)

:       0       0

ජිලෝ Wednesday, 10 September 2014 12:49 PM

මේ ගොල්ලන්ට වඩා කනස්සලු වෙන්න ඕන වැඩක් කරගන්න ආණ්ඩුවේ කන්තෝරු වලට ඇවිත් මෙයාලගේ ගෑස් බලන මහජනතාව. අඩු සුදුසු කමින් දේශපාලන පත් වීම් අරන් එනවා. ඊට පස්සේ උසස් වීම් නැහැ ලු. මම කියන්නේ අවම සුදුසු කම උසස් පෙළ දක්වා වැඩි කරන්න ඕනා. දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා වැඩි ලකුණු එක්ක උසස් පෙලින් සරසවි වරම් අහිමිව රැකියා නැති උදවිය කොළඹ ගාල්ල මාතර වැනි දිස්ත්‍රික්ක වල ඕන තරම් ඉන්නවා. අන්න ඒ උදවිය මේ තනතුරු වලට ගන්නවා නම් හරිම අගෙයි. (නදී)

:       0       0

චාමික Wednesday, 10 September 2014 02:36 PM

එක නම් හොද තීරණයක්. ගණන් සිංහල හෝ දෙමළවත් හරියට පාස් නැති කට්ටිය කළමනාකරණ සහකාරල වෙලා ලිපිගොනු එක්ක පිස්සු නටන්න ගත්තම කන්තෝරුවට වැඩක් කරගන්න අහිංසක මිනිස්සුන්ටයි. උසස්වීම් නිකම් ඉදල ගන්න බැහැ. සේවය කරන අතරේම අමාරුවෙන් වුනත් අධ්‍යාපන සුදුසකමුත් ටික ටික ඉහලදාගන්න ඕනේ. මහන්සිවෙලා ගණිතය භාෂාව ටිකක් නැවත ඉගෙනගෙන පුද්ගලිකව අයදුම් කරලා සාමාන්‍යපෙළ පාස් වෙන්න කළමනාකරණ සහකාර වැනි ලිපි කටයුතු සමග ගනුදෙනු කරන රස්සාවකට උසස්වෙන්න ඕනේ නම්. (අ)

:       0       0

සිරිමෙවන් Wednesday, 10 September 2014 04:34 PM

ඇයි මේ අවුරුදු 40කටත් වැඩි කාලයක් තිබුණ අධ්‍යාපන සුදුසුකමක් හදිසියේම වෙනස් කරන්නේ. මේ අහිංසක කනිෂ්ඨ සේවකයින්ට උසස්වීමකට තිබුණ එකම වරම මේක විතරයි. මෙයට බාධා කිරීම නම් ඔවුන්ට කරන බලවත් අසාධාරණයක් ලෙසයි මම දකින්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30861 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12953 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10931 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 844 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 249 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 903 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site