IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කන්ටේනර් රථයකට යටවී කාන්තාවක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යතුරුපැදියක් පදවාගෙන යමින් සිටි කාන්තාවක් අද (21) හොරණ පොකුණුවිට දී කන්ටේනර් රථයකට යටවීමෙන් එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි හොරණ පොලිසිය පවසයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ හොරණ පොකුණුවිට බණ්ඩාරවත්ත පදිංචි ශාන්ති නයනා නැමැති 52 හැවිරිදි දෙදරු මවක් බව පොලිසිය කියයි.

මියගිය කාන්තාව බණ්ඩාරගම දෙස සිට යතුරු පැදියෙන් හොරණ දෙසට යමින් සිටියදී එම දිශාවට ධාවනය වූ කන්ටේනර් රථයේ  පිටුපස රෝදයට යටවී මෙම අනතුර සිදු වී ඇතැයි පොලිසිය පවසයි.

කන්ටේනර් රථයේ පිටුපස රෝදයට එම කාන්තාවගේ හිස හසුවී ඇති අතර සිද්ධියෙන් පසු කන්ටේනර් රථයේ රියදුරු පොලිසිය වෙත භාර වූ බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.



අදහස් (0)

කන්ටේනර් රථයකට යටවී කාන්තාවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site