(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව නගර සංවර්ධන ව්‍යාපෘතියට අයත් කදුරුවෙල නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරන තෙක් ඒ වෙනුවෙන් දැනට පවරාගෙන ඇති ගොවීන්ගේ කුඹුරු ඉඩම් නැවතත් එම ගොවි ජනතාවට වගා කිරීම සඳහා දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් දී ඇත. කදුරුවෙල නගර සංවර්ධන ව්‍යාපෘතිය පරීක්ෂාකළ ජනපති එසේ උපදෙස් ලබා දුන්නේය.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද නගර සංවර්ධන සැලැස්ම සඳහා මෙම කුඹුරු ඉඩම් පවරාගෙන ඇත්තේ පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මෛත්‍රිපාල සිරිසේන මාවත දෙපසිනි. එම ප්‍රධාන මාර්ගය මංතීරු 4 ක් දක්වා පුළුල් කිරීමේ කටයුතු මේ වනවිට කෙරෙමින් පවතී.
මේ සඳහා පෞද්ගලික ඉඩම් අක්කර 46 ක් පවරාගෙන ඇති අතර එයින් අක්කර 9 ක් පමණ මේ වනවිට පස් පුරවා තිබේ. ඉතිරි අක්කර 37ක කුඹුරු ඉඩම් නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරන තෙක් ඒවායේ හිමිකරුවන්ට වගා කිරීමට ලබාදෙන ලෙස ජනපති මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කදුරුවෙල නගර සංවර්ධනයට පවරාගත් ඉඩම් ගොවීන්ට ආපසු දෙන්න නියෝග