( එම්.කේ. නන්දසේන)
කතරගම ජල සම්පාදන මණ්ඩලය මගින් ‘ගම්උදාව ‘ ටැංකි වෙත පානීය ජලය සපයනු ලබන අඟල් 8 ප්‍රමාණයේ නළයකින් විශාල ජල කාන්දුවක් ඇතිවී වසරකට වැඩි කාලයක් දෙටගමුව වැවට ගලායෑම හේතුවෙන් ගම්මාන රැසකට ප්‍රමාණවත්ව පානීය නළ ජලය නොලැබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
කතරගම ජල පිරිපහදු මධ්‍යස්ථානයේ සිට රජ මාවත මාර්ගය ඔස්සේ ගම් උදාව ජල ටැංකිය වෙත හා කාවන්තිස්සපුර ජල ටැංකිය වෙත මෙම නල මාර්ගය මගින් ජලය ගෙන යනු ලබයි.
එම ජල ටැංකි මගින් ගම්උදාව ,දෙටගමුව පළමු දෙවන හා තෙවන පියවර ,ලුණුගම්වෙහෙර මාර්ගය ,දක්වාත් ,කාවන් තිස්සපුර ජල ටැංකියෙන් බෝගහ පැලැස්ස ,සාමි ගුලිය, ජුල්පල්ලම, රණ්මිනිතැන්න, ඇතුළු තවත් ගම්මාන රැසකටත් පාණිය නලජලය සපයනු ලැබේ. එය එසේ වුවද කතරගම දෙටගමුව වැවට ජලය ගෙන එනු ලබන ඇළ මාර්ගයට අදාල නළ මාර්ගයෙන් කාන්දු වන ජලයද එක්වී ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
ජලය නොලැබීම නිසා කෝපයට පත් ජනතාව පසුගිය වසරේ ‘තිස්ස කතරගම ප්‍රධාන මාර්ගය හරස් කොට උද්ඝෝෂණ කීපයක්ද පැවැත්වූහ
මේ සම්බන්ධයෙන් විමසීම සඳහා කතරගම ජල ජලසම්පාදන මන්ඩලයේ ස්ථාන භාර නිලධාරී වරයා දුරකථනයට සම්බන්ධ කර ගැනීමට කිහිප වතාවක් ම උත්සාහ දැරුවද ඔහු ප්‍රතිචාර නොදැක්වීය .
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කතරගම ගම් උදාවට පානීය ජලය නොමැති වීමෙන් ගැටළු රැසක්