IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කතානායක ඉවත් කරන්නැයි ඉල්ලා හබරාදුවෙන් යෝජනාවක් සම්මත වෙයි


 
 
සුමතිපාල දීයගහගේ 
 
පාර්ලිමේන්තු වරප්‍රසාද සහ ස්ථාවර නියෝග කඩකරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කරන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වත්මන් කතානායකවරයා එම ධූරයෙන් ඉවත් කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් අද (19) පැවති හබරාදුව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේදි ඒකමතිකව සභා සම්මත විය.


ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී උප සභාපති බන්දුපාල අබේකෝන් මහතා විසින් විශේෂ යෝජනාවක් ලෙස  මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ලැබීය. 


මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරන අවස්ථාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 15 දෙනා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් සිව්දෙනා සභාවේ සිටි නමුත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා සභාවෙන් පිටව ගොස් සිටියහ.



අදහස් (0)

කතානායක ඉවත් කරන්නැයි ඉල්ලා හබරාදුවෙන් යෝජනාවක් සම්මත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 334 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site