(අලව්ව අධිකාරි මුදියන්සේ)
කෙටේරියක් හා කඩු කීපයක් සමග පුද්ගලයෙකු අද(3) අත් අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසිය පවසයි .
සිද්ධියට අදාළව වයස අවුරුදු 40ක් පමණ වන නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරක් මත පොල්ගහවෙල ඔරලියද්ද නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසේ නිදන කාමරයක ඇඳක් යට සඟවා තිබූ කඩු 03 ක් හා දෙපැත්ත කැපෙන කෙටේරියක් සොයාගත් බව පොලිසිය කියයි.
පොල්ගහවෙල පොලීසියේ අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත අභයසිංහ මහතා හා පොලිස් සැරයන්වරුන් වන (58707) ප්‍රියදර්ශන ,(56483) බාලසූරිය ,(36857) ගෝකුල,පොලිස් කොස්තාපල්( 83005) ඉන්දික යන නිලධාරීහු මෙම වැටලීමට සහභාගී වූහ.
සැකකරු හා භාණ්ඩ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කඩු-කෙටේරි සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට