(කේ.බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය වල්ගම පාර ප්‍රදේශයේ තාප්පයක චිත්‍ර අදිමින් සිටි පිරිසකට ආහාර පාන ලබා දීමට ගිය කඩුවෙල මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකුට ජාතික නිදහස් පෙරමුණේ පාක්ෂිකයෙකු බව කියන පුද්ගලයෙකු විසින් අද (17) පහර දී ඇති බව අතුරුගිරිය පොලිසිය කියයි.
මෙම මන්ත්‍රීවරයා චිත්‍ර අඳිමින් සිටින තරුණයින්ට ආහාර පාන ලබා දීමට එම ස්ථානයට ගිය අවස්ථාවේදී එහි සිටි ජාතික නිදහස් පෙරමුණේ පාක්ෂිකයෙකු සමඟ ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුවී ඇති බව පොලිසිය පැවසීය.
අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පහර දීමට සම්බන්ධ සැකකාර පුද්ගලයා සොයා ඔහුගේ නිවසට ගියද සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කඩුවෙල මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකුට පහරදීමක්