IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කඩුවෙල මහමෙව්නාවෙන් අවතැන් දරුවන්ට පාසල් උපකරණ

පසුගිය දිනවල ඇති වූ ගංවතුර තත්ත්වය නිසා පාසල් උපකරණ අහිමි වී සිටින අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන් 3000කට යළි පාසල් යෑම සඳහා අවශ්‍ය පොත් පත්, පෑන් පැන්සල්, පාසල් බෑග්, කවකටු පෙට්ටි, කෑම පෙට්ටි, පාට පෙට්ටි සහ නිළ ඇඳුම් ආදියෙන් යුත් අංග සම්පූර්ණ පාසල් උපකරණ කට්ටලය බැගින් බෙදා දීමේ වැඩසටහනක් කඩුවෙල හේවාගම මහමෙව්නා බෝධිඤාණ අසපුවේ දී පැවැත්විණි.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු වූ මෙම සත්කාර්යයට මහමෙව්නාව භාවනා අසපුවත් ශ්‍රද්ධා රූපවාහිනියත් ශ්‍රද්ධා ගුවන් විදුලියත් මහමෙව්නාවට සම්බන්ධ අනෙකුත් ආයතනත් එක් ව සිටියහ.

මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා ද සහභාගී විය.

ගංවතුරෙන් යටවූ ප්‍රදේශවල අඩු ආදායම්ලාභී දරුවන්ගෙන් අයදුම්පත් කැඳවා ඒවා ග්‍රාම නිලධාරීන් හරහා පරීක්ෂා කරවා තෝරාගත් දරුවන් තුන් දහසකට පාසල් උපකරණ බෙදා දෙනු ලැබුණි.

ශ්‍රද්ධා රූපවාහිනියටත් ශ්‍රද්ධා ගුවන් විදුලියටත් කඩුවෙල හේවාගම මහමෙව්නා බෝධිඤාණ අසපුවටත් ගංවතුරෙන් බලවත් හානි පැමිණ තිබිය දී පවා මෙවැනි සත්කාර්යක් සූදානම් කොට තිබීම විශේෂයකි.   

0K5A2147 0K5A2302 0K5A2502 0K5A2589 0K5A2794 0K5A2954



අදහස් (0)

කඩුවෙල මහමෙව්නාවෙන් අවතැන් දරුවන්ට පාසල් උපකරණ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31230 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13399 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10977 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 82 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 915 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site