(චන්ද්‍ර සේන ගමගේ)
කුඩාවැල්ල ධීවර වරාය තුළදී සිව් දෙනෙකු ඝාතනය කොට තවත් 07 දෙනෙකුට තුවාල සිදු කිරීමට සම්බන්ධ සැක කරුවෙකු අද (21) දින තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් එල්.ටී වරුසවිතාන මහතා විසින් සැකකරු ලබන 25 දින දක්වා බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය.
මෙම සැකකරු තංගල්ල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය මගින් රැදවුම් නියෝග යටතේ රදවා ගෙන සිටි නාකුළුගමුව ගලගම ප්‍රදේශයේ පදිංචි ජයලත් රණසිංහ දිසානායක රෝහිත කුමුදු කුමාර යන අයයි. මොහු යුද හමුදා විශේෂ බලකායේ සේවයේ සිටියදී පලාගිය පුද්ගලයෙකි.
අද(21) දින මෙම සැක කරු සමඟ ඝාතනය සදහා පැමිණි යතුරු පැදියද අධිකරණයට ඉදිරිපත් කරන ලදි. ලබන 25 දින ඝාතනයන් සම්බන්ධ සිද්ධියේ සාක්ෂි කරුවන් අධිකරණයට ද ඉදිරිපත් කිරීමට ද නියමිතය.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩාවැල්ල ඝාතනයේ එක් සැකකරුවෙක් රිමාන්ඩ්