IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


කෝටි 10 ක රන් බිස්කට් පිට කරන්න ගිය සේවකයාට දඩ

(ටී.කේ.ජී.කපිල )

රුපියල් කෝටි 10 ක රන් බිස්කට් 99 ක් විදුලි පංකාවක බහා කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ දී ගුවන් තොටුපළ සේවකයාට රුපියල් ලක්ෂ 98ක දඩයක් ගෙවන ලෙස නියෝග කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (13) සිදුකළ රේගු පරීක්ෂණයකින් පසු මෙලෙස දඩ නියම කර තිබේ.

තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළෙඳ සේවකයා 36 හැවිරිදි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . ඔහු සේවය කළ කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ පිහිටි, තීරු බදු රහිත විදුලි උපකරණ අලෙවි සැළද  සීල් තබා වසා දැමීමට නියෝග කර ඇත.

මෙම වෙළඳ සේවකයා  විසින් රන් බිස්කට් තොගය විදුලි පංකාවක් බහාලන පෙට්ටියක සඟවා තම සාප්පුව වෙත විදුලි උපකරණ මිලදී ගැනීමට පැමිණි ඕස්ට්‍රේලියාවේ සිට පැමිණෙමින් සිටි ගුවන් මගියකු වෙත බාරදී තිබේ.

ඔහු 46 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පශ්චාත් උපාධිධාරී සිවිල් ඉංජිනේරුවරයෙකි. ඔහු තම 75 හැවිරිදි මෑණියන් සමඟ ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.

ඔහු අවවාද කර නිදහස් කිරීමට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා පියවර ගනු ලැබිණි.

එසේම රුපියල් කෝටි 10 ක් වටිනා රන් බිස්කට් 99 ද රාජසන්තක කිරීමට ද නියෝග කෙරිණි.



අදහස් (0)

කෝටි 10 ක රන් බිස්කට් පිට කරන්න ගිය සේවකයාට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31986 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14440 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11225 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 20 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1226 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site