IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොටු බැම්මේ ගිලා බැස තිබූ ස්ථානය පිළිසකර කිරීම ඇරඹේ

(සිරංගිකා ලොකුකරවිට)

ගාල්ල කොටුවේ නෙප්වූන් අට්ටාලය අසල කොටු බැම්මේ ගිලා බැස තිබූ ස්ථානය පිළිසකර කිරීම අද (04) ආරම්භ කෙරිණි.

ලෝක බැංකු ආධාර යටතේ කොටුව සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් මේ දිනවල ක්‍රියාත්මක වන අතර එම ව්‍යාපෘතිය යටතේම මෙම පිලිසකර කිරීම ආරම්භ කළ බව ගාලු උරුමය පදනම පවසයි.

කොටුවේ භූගත පල්දෝරු පද්ධතියේ අබලන්ව තිබූ කොටසක් කඩා වැටීම හේතුවෙන් බැම්ම ගිලා බැසීම සිදුවූ බව ඔවුහු වැඩිදුරටත් පවසති.

පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාව නිසා ගිලා බැසීම වේගවත් වී ඇතැයි ද සඳහන් වේ. ඕලන්ද යුගයේ ඉදිකරන ලද මෙම පල්දෝරු පද්ධතිය අබලන් වීම හේතුවෙන් කොටුව ප්‍රදීපාගාරය අසල ස්ථාන දෙකක ද මෙවැනි ගිලා බැසීම් පසුගිය කාලයේ සිදුවිය.

පල්දෝරු පද්ධතිය මුහුදට විවර වන මෙවැනි ස්ථාන 14 ක් කොටුව වටා පිහිටා ඇත.

 



අදහස් (1)

කොටු බැම්මේ ගිලා බැස තිබූ ස්ථානය පිළිසකර කිරීම ඇරඹේ

janahitha Friday, 04 October 2019 12:42 PM

2500 වසරක අපේ උරුමයන් රකින්න නම් මේ තරම් ඉක්මනක් නැහැ ඒවා බොහොමයක් විනාශ කරගෙන යනවා. බලන්න එක්කෙනෙක් නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site