(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
එල්.ටී.ටී.සංවිධානයට අයත් බවට සැකකරන ගිනි අවියක් හා අයිස් මත්ද්‍රව්‍ය සමග හිටපු හමුදා සෙබලෙක් මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව එගොඩ උයන පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ 2.2 වර්ගයේ ස්පාඤ්ඤයේ නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 10 ක් බව පොලිසිය කියයි.
කොරලවැල්ල ප්‍රදේශයේ පුද්ගකු අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට පොලිසියට ලද තොරතුරක් අනුව එම නිවස වටලා පරීක්ෂා කිරීමේ දී අල්මාරියේ සගවා තිබූ මෙම ගිනිඅවිය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි .
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී එම ගිනි අවිය උතුරු නැගෙනහිර රාජකාරි කරන අවධියේ දී රැගෙන ආ බවට ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියෙක් පැවසීය .
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක පුද්ගලයෙකි.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත එගොඩ උයන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාස්කෝරාල මහතා පරීක්ෂණ පවත්වයි .
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කොටි කාලේ ගිනි අවියක් සමඟ හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට