IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෝටි එකහමාරක කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

සිතුම් චතුරංග
            
ඉන්දියාවේ සිට මෙරටට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් තිබූ රුපියල් කෝටි එකහමාරක් වටිනා කේරළ ගංජා කිලෝ 114 අද (7) පේදුරුතුඩුව මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු නාවික හමුදා නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ප‍්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ කේරළ ගංජා තොගය හමුවී ඇති බව පේදුරුතුඩුව පොලිසිය පවසයි.

පේදුරුතුඩුව වෙරළ තීරයේ ස්ථානයක මෙම කේරළ ගංජා තොගය සඟවා තිබී ඇති අතර වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් පලාගොස් සිටි බව පොලිසිය සඳහන් කළේය.  

අත්අඩංගුවටගත් කේරළ ගංජා තොගයේ කිලෝ දෙක ප‍්‍රමාණයෙන් යුත් කේරළ ගංජා පැකට් 50 අධික ප‍්‍රමාණයක් තිබී ඇති බවද පැවසීය.

නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිසිය වෙත බාරදෙනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය , නාවික හමුදාව වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

කෝටි එකහමාරක කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site