IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කටුස්සන් - හිකනලුන් රට පැටවීමේ ජාවාරමක නිරතවූ අයෙක් අත්අඩංගුවට

(බන්දු තඹවිට)

මෙරටින් කටුස්සන් සහ හිකනලුන් එකතුකර විදේශ රටවලට යැවීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු කළුතර දිසා දූෂණ මර්ධන ඒකකය සහ කළුතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අද (16 ) කළුතර වෙට්ටුමකඩදී අත් අඩංගුවට ගෙන ඇත.

කළුතර වෙට්ටුමකඩ කලීල් ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

කළුතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී සැකකරුගේ නිවසේ සිටි කටුස්සන් 64 ක් සහ හිකනලුන් 109 ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රදේශයේ ළමුන් යොදවා කටුස්සන් සහ හිකනලුන් අල්ලාගෙන එක් සතෙකුට රුපියල් 500 ක මුදලක් ගෙවා එම සතුන් පුත්තලම මදුරන්කුලම ප්‍රදේශයේ සුරතල් මසුන් රට යැවීමේ නිරත අයෙකුට එක් සතෙකු රුපියල් 2500 ක මිලකට අලෙවි කිරීම මෙම සැකකරු කාලයක සිට සිදුකර ඇති බව විමර්ශන වලදී හෙළී වූ බව පොලිසිය කීය.

 



අදහස් (1)

කටුස්සන් - හිකනලුන් රට පැටවීමේ ජාවාරමක නිරතවූ අයෙක් අත්අඩංගුවට

Perera Monday, 16 March 2020 06:00 PM

අර දියවන්නාව පැත්තේ ඉන්න 225 අරන් ගියාට රටේ කවුරුත් මුකුත් කියන එකක් නැහැ.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 832 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2475 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site