IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කටුවන සිද්ධියේ පරීක්ෂණ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 2ක්

අනීෂා මානගේ
 
කටුවන බෙංගමුකන්දේදී තිදරු පියකු මරණයට පත්වීම සම්බන්ධයෙන් කටුවන පොලිස් ස්ථානය ඉදිරිපිට ඉකුත් 12වැනිදා ඇති වූ කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට තංගල්ල සහ මාතර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇත. 
 
කටුවන පොලිස් ස්ථානය ඉදිරිපිට ප්‍රදේශවාසීන් කලහකාරීව හැසිරීම, පොලිස් ස්ථානයට පහරදීම, රාජ්‍ය දේපලවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් ද, ඇති වූ තත්ත්වය සමතයට පත් කිරීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් අතින් සිදුවූ වැරැදි විමර්ශනය කිරීමට හා විනය පරීක්ෂණ සිදුකිරීමට ද තංගල්ල පොලිස් අධිකාරී 1 අබේරාජ් ගම්ලත් මහතාගේ මූලිකත්වයෙන් විශේෂ කණ්ඩායමක් යොදවා ඇත.
 
තිදරු පියාගේ මරණය සම්බන්ධ පරීක්ෂණ කටයුතු පැවැත්වීමට සහකාර පොලිස් අධිකාරී බී. එම්. එම්. දසනායක මහතාගේ මූලිකත්වයෙන් විශේෂ කණ්ඩායමක් යොදවා ඇත. 

 



අදහස් (0)

කටුවන සිද්ධියේ පරීක්ෂණ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 2ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site