(ඉන්දිකා රාමනායක)
රාජගිරියේ පිහිටි වීසා නිකුත් කිරීමේ කාර්යාලයට ෂොට් ගන් වර්ගයේ ජීව උණඩයක් හා එම වර්ගයේ හිස් උණ්ඩයක් ලියකියවිලි සහිත බෑගයේ දමාගෙන ඇතුලු වීමට තැත්කළ තරුණයකු අද (06) පෙරවරුවේ විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලමේ පදිංචි 25 හැවිරිදි මුස්ලිම් තරුණයෙකි.
මෙම තරුණයා කටාර් රටට යාම සඳහා වීසා ලබා ගැනීමට මෙම කාර්යාලයට පැමිණ ඇති අතර එහි ආරක්ෂක නිලධාරීන් සැකකරු රැගෙන ආ ලියකියවිලි සහිත බෑගය පරීක්ෂා කිරීමේ දී මෙම උණ්ඩ හා හිස් උණ්ඩය අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම සැකකරු බෑගයේ උණ්ඩ හමුවීමත් සමඟ එහි ආරක්ෂක නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් හදිසි ඇමතුම් අංශයට හා විශේෂ කාර්ය බලකායට දැනුම් දී තිබුණි.
ඒ අනුව විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට ගොස් සැකකරුගේ බෑගය විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන පරීක්ෂා කළ බවද එම උසස් නිලධාරියා කීය.
මෙම ගමන් මල්ලේ නීති විරෝධී දුම්වැටි පැකට්ටුවක් ද තිබී ඇත.
සැකකරු 2017 වසරේ සිට කටාර් රාජයේ රැඳී සිට මීට දින 4 ට පෙර මෙරටට පැමිණ ඇති අතර,නැවතත් කටාර් වෙත යාමට වීසා ලබා ගැනීමට පැමිණ සිටියදී අත්අඩංගුවට පත්ව ඇත.
කටාර් රාජයේ සිට පැමිණීමට පෙර සැකකරු මාලදිවයිනේ ද මාස තුනක කාලයක් රැඳී සිට ඇති බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම උණ්ඩ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරු සිදුකරන ප‍්‍රකාශ පරස්පර හේතුවෙන් සහ සැකකරු මුස්ලිම් රටවල නිතර නිතර සංචාරය කිරීමත් හේතුවෙන් ඇති සැකයක් අනුව සැකකරු වැලිකඩ පොලිසියට බාර දී ඇත.
වැලිකඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයිෙ
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කටාර් වීසා කාර්යාලයට හිස් උණ්ඩයක් රැගෙන ගිය තරුණයෙක් පොලිස් දැලේ