IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොටබත්ම රක්ෂිතයේ ගින්නක්

(ඩී.කේ.රත්න සහ  කපිල චන්දන කුරුප්පුආරච්චි)
  
කොස්ලන්ද කොටබත්ම රක්ෂිතයේ  අද (12) දහවල් ඇතිවූ හදිසි ගින්නකින් මේ වන විට අක්කර 10 ක් පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කොස්ලන්ද පොලීසිය පවසයි.

මේ වන විටත් ගින්න පැතිර යමින් පවතින අතර කොස්ලන්ද පොලීසිය, දියතලාව යුද හමුදා කඳවුරේ නිළධාරීන් හා දියතලාව ගුවන් හමුදා කඳවුරේ නිළධාරීන් එක්ව මෙම ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් ඇතැයි පොලීසිය කියයි.

කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් සතුන් දඩයම් කිරීම සඳහා හෝ විනෝදය සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි කොස්ලන්ද පොලීසිය කියයි.

මෙම රක්ෂිතයට ගිනිතැබීම නිසා මෙම රක්ෂිතයේ තිබූ වටිනා ශාක වර්ග රැසක් ද, සත්ව විශේෂ රැසක් ද වටිනා ඖෂධ පැළෑටි රැසක් ද විනාශ වී ඇතැයි පරිසරවේදීහු කියති.



අදහස් (0)

කොටබත්ම රක්ෂිතයේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 184 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site