IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


කටුනායක ගුවන් තොටේදී ඉන්දීය ගුවන් මගියෙක් මිය යයි

 (ටී. කේ. ජී. කපිල )
 
ඉන්දියාව බලා ගමන් ගැනීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඉන්දීය ගුවන් මගියෙකු අද(18) එහි පිටත්වීමේ පර්යන්තය තුළ ඇද වැටී ජීවිතක්ෂයට පත් වී තිබේ.

 මොහු ඉන්දියාවේ, රාමනාථපුරම් පදිංචි  52 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකු බව ගුවන් තොටුපළ පොලිසිය පවසයි.
 

කටුනායක ගුවන් තොටුපළේදී ඔහුට යම් රෝගාබාධිත තත්වයක් ඇති වී එහි වූ කොන්ක්‍රීට් කණුවක් දිගේ රූටා වැටෙන අන්දම ගුවන් තොටුපළ තුළ සවි කර ඇති ආරක්ෂක කැමරා දර්ශනවල සටහන්ව ඇතැයි ගුවන් තොටුපළ පොලීසිය කියයි.
 
 මෙම මරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කිරීමට ගුවන් තොටුපළ පොලීසිය පියවර ගෙන තිබේ.
 
 මේ පිළිබඳව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර, මෙම මෘත දේහය මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයට ඇතුළත් කර, අධිකරණයේ නියෝග මත, මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට ගුවන් තොටුපළ පොලීසිය පියවර ගනිමින් සිටිති.
 
 කටුනායක ගුවන් තොටුපළ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු පවත්වයි



අදහස් (0)

කටුනායක ගුවන් තොටේදී ඉන්දීය ගුවන් මගියෙක් මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32116 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14587 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 48 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site