(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොට්ටාව අතුරුගිරිය මාර්ගයේ පිහිටි සුපිරි වෙළඳසැලක අද(25) දහවල් සිදුවූ ගින්නෙන් එම වෙළෙඳ සෙලෙහි දෙමහල් ගබඩාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
ගින්න වන අවස්ථාවේ දී වෙළඳසැල තුළ 50 කට අධික පිරිසක් සිට ඇති අතර ඉන් කිසිවකුටත් හානි සිදුව නොමැති බවද පොලිසිය කියයි.
වෙළඳ සැලෙහි දෙමහල් ගබඩාවේ මෙම ගින්න හටගෙන ඇති අතර එහි සේවිකාවක මේ බව දැක , කෑ ගසා පැවසීමෙන් පසුව එහි කළමනාකරු ගින්න පිළිබඳ කොට්ටාව පොලිස් ස්ථානයට දන්වා ඇතැයි පැවසේ.
පසුව කොට්ටාව පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර කුමාර මහතා සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සංජය සෝමරත්න මහතා ඇතුළු නිලධාරීන් එම ස්ථානයට පැමිණ වහාම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ ගිනි නිවිම් අංශයට දැනුම් දී ඇතැයි පැවසේ.
පසුව කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවන රථ 4 ක් සහ එහි ස්ථානාධිපති ලියනගේ මහතා ඇතුළු නිලධාරීන් විසිපස් දෙනකු පමණ එම ස්ථානයට පැමිණ පැය තුනක පමණ කාලයක් දැඩි පරිශ්‍රමයක් යොදා ගින්න පාලනය කළ බව පොලිසිය කියයි.
ඒ වන විටත් වෙළඳසැලේ දෙමහල් ගබඩා සංකීර්ණය ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබිණි.
ඒ වන විට වෙළඳසැලෙහි විදුලිය විසන්ධි වී තිබීම නිසා ගිනි නිවන සේවකයින්ට ගින්න නිවා දැමීමට දැඩි පරිශ්‍රමයක් යෙදීමට සිදුවිය.
වෙළඳසැලට යාබදව ඉන්ධන පිරවුම් හලක් සහ දුම් පරීක්ෂා කරන ස්ථානයක් ද පිහිටා ඇති අතර එම ස්ථානවලට ද ගින්න පැතිර ගියේ නම් මහත් විනාශයක් සිදු වීමට ඉඩ තිබූ බව පොලීසිය පවසයි.
ගින්නෙන් කෝටි ගණනක අලාභයක් සිදුව ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
කොට්ටාව පොලිසිය වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සංජය සෝමරත්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක චමින්ද ,පොලිස් පරීක්ෂක ආනන්ද , ඇතුළු නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.



2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොට්ටාව වෙළඳසැලක ගින්නක්