( සිතුම් චතුරංග)
වවුනියාව කුංචිකුලම රක්ෂිතය තුල දීර්ඝ කාලයක සිට පවත්වා ගෙනගිය මහ පරිමාණ බුරුත දැව ජාවාරමක් වටලා සැකකරුවන් දෙදෙනකු අද (03) අලූයම අත්අඩංගුවටගත් බව පුලියංකුලම විශේෂ කාර්ය බලකාය පවසයි.
රක්ෂිතයේ වැටලීම සිදුකළ ස්ථානයේ තිබී අඩි හතක් පමණ දිගින් යුත් බුරුත දැව කඳන් 60ක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සොයාගත් අතර එය කුංචිකුලම රක්ෂිතයේ මෙතෙක් අත්අඩංගුවටගත් විශාලතම දැව ජාවාරම බව සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් බුරුත දැව කඳන් වල වටිනාකම රුපියල් ලක්ෂ 12 අධික බවද ඔවුහු පැවසූහ.
වසර ගණනක් සිට කුංචිකුලම රක්ෂිතයේ සිදුකෙරෙන මහ පරිමාණ දැව ජාවාරමක් සම්බන්ධයෙන් පුලියංකුලම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ලද බුද්ධි තොරතුරකට අනුව දින දෙකක කාලයක් රක්ෂිතයේ සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් හා දැව කඳන් පටවමින් තිබූ ලොරි රථයක් අත්අඩංගුවටගත් බව පැවසීය.
සම්පූර්ණයෙන් ආවරණය කරන ලොරි රථය යාපනය සිට මාළු ප‍්‍රවාහනයකරන මුවාවෙන් වවුනියාව පූන්තෝට්ටම් ප‍්‍රදේශයේ දැව මඩුවක් වෙත ජාවාරම්කරුවන් රැගෙනයාමට සූදානම්ව සිටි බවට පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත තොරතුරු අනාවරණයවී තිබේ.
දැව ජාවාරම හේතුවෙන් කුංචිකුලම රක්ෂිතයේ විශාල ප‍්‍රදේශයක් විනාශවී ඇති අතර එහි තිබූ වටිනා ඉපැරණි ගස් ජාවාරම්කරුවන් විසින් විනාශකොට තිබේ.
විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසූයේ දැව ජාවාරමේ ප‍්‍රධානියා දැව මඩුවේ හිමිකරු බවට සැකකරන බවත් අත්අඩංගුවටගත් සැකකරුවන් කුලීපදනම මත යෙදවූ සේවකයින් බවට අනාවරණයවූ බවත්ය.
වැටලීම සිදුකරන අවස්ථාවේ ලොරි රථයේ රියදුරු පලාගොස් ඇති අතර ඔහු සොයා තවදුරටත් විමර්ශන කෙරෙමින් පවතී.
අත්අඩංගුවටගත් සැකකරුවෝ මඩු ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 29 ත් 45ත් අතර වයසේ පසුවෙති.



2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කංචිකුලම රක්ෂිතයේ බුරුත ජාවාරමක් වටලා දෙදෙනකු අත්අඩංගුවට