IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


කේක් ගෙඩියක් තුළ සඟවා තිබූ හෙරොයින් පැකට් 19 ක් සොයාගනී

(පද්මා කුමාරී කංකානම්ගේ)

නත්තල සඳහා සකස් කළ කේක් ගෙඩියක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබුණු හෙරොයින් ග්‍රෑම් හතරක් සමඟ පුද්ගලයෙකු කල්පිටිය බත්තලන් ගුන්ඩුව දූපතේ දී අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සංක්‍රමණික ධීවරයෙක් බව පොලිසිය කීය.

මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් 75,000 ක් පමණ වන බව පොලිසිය පවසයි.

කල්පිටිය ධීවර ජෙටියෙන් පිටත්වන මගී ප්‍රවාහන යාත්‍රාවකට බත්තලන් ගුන්ඩුව දූපතේ සිටින පුද්ගලයෙකුට ලබාදීම සඳහා කේක් ගෙඩියක් ලබා දී ඇත.

එම කේක් ගෙඩිය භාර ගැනීමට බත්තලන් ගුන්ඩුව දූපතේ ජෙටියට තරුණයෙකු පැමිණ ඇති බවත් මෙම තරුණයා මත්කුඩු භාවිතා කරන්නෙකු බවත් ඔහු සැකකටයුතු ලෙස හැසිරුණ බවත් බත්තලන් ගුන්ඩුව පොලිස් මුරපොළේ නිලධාරියෙකු පැවසීය.

පසුව එලෙස සැකකටයුතු ලෙස හැසිරුණ තරුණයා සහ කේක් ගෙඩිය අත්අඩංගුවට ගෙන ඇත.

කේක් ගෙඩිය පරීක්ෂා කිරීමේදී ඒ තුළ සූක්ෂමව හෙරොයින් පැකට් 19 ක් අසුරා තිබූ බව පොලිසිය පැවසීය.

සැකකරු හෙට (25) දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කල්පිටිය පොලිසිය පැවසීය.

 



අදහස් (0)

කේක් ගෙඩියක් තුළ සඟවා තිබූ හෙරොයින් පැකට් 19 ක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31943 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14399 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11212 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 15 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 272 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1219 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site