IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කොකා කපටි රජෙක්

කොකෙකු  මාළුවකු අල්ලා  ගැනීමට  යොදන උපක්‍රමයක් දැක්වෙන විඩියෝවක්  මේ  දිනවල අන්තර්ජාලයේ  සැරිසරයි.පාන් කෑල්ලක් තම ඇම විදියට පාවිච්චි කරන කොකා  ගොදුර  තම දෙපා  මුලටම ගෙන්වා  ගනියි.



අදහස් (0)

කොකා කපටි රජෙක්

රූපා Wednesday, 27 January 2016 03:56 AM

විජිත් කියන ආකාරයේ කපුටෙක් ඉස්සර අපි පොඩි කාලේ කළුතර කටුකුරුන්ද පැත්තෙත් හිටියා. විලි අයියා නමින් හැඳින්වුන පැල්පත් වැසියෙක් කාක්කෙක්ව පුරුදු කරලා තිබුනාලු ඒ පැත්තේ මාළු ලෑල්ල තිබෙන තැනින් මුදල් කොළ හොරකම් කරලා විලි අයියාට ගෙනත් දෙන්න. ඔහුට මට මොකෝ නම තිබුණු බල්ලෙකුත් හිටියා. (ම)

:       0       0

මිනිපෙ Tuesday, 26 January 2016 04:33 PM

හනේ, හනේ..මොන වර්ගයේ පක්ෂියද කියන එක ගැන ලතවෙනවා, පක්ෂියාගේ දක්ෂකම හා උපාය ගැන කතා නොකර. (බ)

:       0       0

බමුණු Wednesday, 27 January 2016 05:06 AM

මම නම් දැනට අවුරුදු දෙකකට කලින් මේ වීඩියෝ එක බලල තියෙනවා. මඩුල්ල එහෙනම් මෙයා පරණ කොකෙක් (කෞ)

:       0       0

මඩුල්ල Tuesday, 26 January 2016 07:21 PM

මම නම් දැනට අවුරුදු දෙකකට කලින් මේ වීඩියෝ එක බලල තියෙනවා. (බ)

:       0       0

බෙන්තර මහේෂ් Tuesday, 26 January 2016 12:31 PM

ඒ කපටිකම මිනිස්සුන්ගේ ලෝකේ කපටිකම් වගේ නෙමෙයි, හරිම චමත්කාරයි (බ)

:       0       0

විජිත් Wednesday, 27 January 2016 04:04 PM

හරිම ආකර්ශනීය වීඩියෝවක්.ඔය වගේම,සමහරවිට ඔයිටත් වැඩිය බුද්ධිමත් පක්ෂියෙක්,අපිට හැමදාම උදේට හමුවෙනවා. ඒ තමයි " කපුටා". සත්ව විද්යාත්මකව කෝඩේ කියන ගෝත්‍රයට අයත් බුද්ධිමත්ම පක්ෂියෙක් මෙයා.ඔයගොල්ලෝ දැකලා තියෙනවාද..කපුටා යම්කිසි උස තැනක සිට අපි කරන දෙයක් කිරික්ෂණය කරනවා. එයා ඒ බලාගෙන, අවධානයෙන් ඉන්නේ අප කරන ක්‍රියාව,සිදුකරන ආකාරයයි.වතුර පයිප්පයක කරාමයට ,හොටෙන් කොටලා කොටලා එය අරගෙන වතුර බොන කපුටෝ දැකලා තියෙනවාද..?එහෙමත් නැතිනම්, කපුටෙක් උඩ සිට බලාගෙන සිටින විටෙක, පාන් කැබැල්ලක් අරගෙන කුඩා පොලිතින් බැගයකට දමන්න.ඉන්පසු එය ලිහිල් ගැටයකින් ගැටගසන්න.පසුව එය විසිකරන්න.අපේ යහළුවා එතනට එවි...ඇවිත් හිමින් සැරේ එයාගේ පාදවල හා හොටයේ ආධාරයෙන් අර ගැටය ලිහා පාන් කැබැල්ල ආහාරයට ගනීවි.මම අහලා තියෙන විදිහට කපුටාව නිවාසවල ඇතිකරන්න තහනම්ලු..(බ)

:       0       0

තිලක් - නුවර Tuesday, 26 January 2016 01:00 PM

මෙහි සිටින්නේ ලිහිණියෙකු නොවන අතර, ගොඩබිම් ජලාශ අවට ජීවත් වන ලංකාවේ සිටින, කොරවක්කන් ගනයේ පක්ෂියෙකි. (අ)

:       0       0

විජිත් Wednesday, 27 January 2016 05:14 PM

මම අහලා තියෙන විදිහට කපුටව නිවාස වල ඇතිකරන්න තහනම්ලු. මොකද එයා ඉතා ඉක්මනට හොරකම් පුරුදු වෙනවාලු. මගේ ආච්චි දවසක් කිවුවා මීගමුවේ මාලුකඩේ පැත්තේ ගැවසුන , ඒ කාලයේ භාවිතා වුණ රුපියල් 5 කොළ උදුරාගන්න කාක්කෙක් ගැන. යම් කෙනෙක් මාළු මිලදී ගන්නට, රුපියල් 5 කොලයක් ඇදපු වහාම, උඩ සිට බලාගෙන ඉන්න කපුටා වහාම පියාසරකරගෙන විත් ඒ කොලය උදුරා ගන්නවාලු. අවසානයේදී පොලිසියෙන් මේ කක්කාගේ ගමන්මඟ නිරීක්ෂණය කරලා, ඒ ඔස්සේ ගිහින් ඒ කාක්කාව මෙහෙයවපු හොරාවත් සමඟ සෑහෙන මුදලකුත් අත්අඩංගුවට ගත්තලු. කාක්කා විතරක් නොවෙයි, මිනිස්සු අතරත් උගත් බුද්ධිමත් කියන අය අතර " ලෝක හොරුත් " ඉන්න බව හිතවත් ඔබටත් මටත් රහසක් නොවෙයිනේ... (නි)

:       0       0

හේමන්ත Tuesday, 26 January 2016 02:00 PM

කොකත් ලිහිණියත් අතර වෙනස හඳුනා ගන්න බැරිද ඇත්තටම? (බ)

:       0       0

සුනිල් Wednesday, 27 January 2016 02:22 AM

ස්වභාව ධර්මයේ සුන්දරත්වය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 576 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site