IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කුකුළු ගොවිපළක් නිසා ආටිස්මලේ කරදර

(ඉන්දික අරුණ කුමාර)

මාතලේ ආටීස්මලේ ප‍්‍රදේශයේ පවත්වාගෙන යන කුකුළු ගොවිපළක් හේතුවෙන් ප‍්‍රදේශයේ පවුල් 150 ක් පමණ පීඩාවට පත්ව ඇතැයි ප‍්‍රදේශවාසීහු පවසති.

කලක් තිස්සේ පවත්වාගෙන යනු ලබන මෙම කුකුළු ගොවිපල හේතුවෙන් දහවල් කාලයේ නිවෙස්වලින් ඉවත්ව සිටීමට සිදුව ඇතැයි ඔවුහු චෝදනා කරති.දහවල් කාලයේ ඥාතීන්ගේ නිවෙස්වල හිඳ රාත‍්‍රි කාලයේ දී නැවත නිවෙස්වලට පැමි‍ණෙන බව ඔවූහු පවසති.

නිතර පවතින මැසි උවදුර මෙන්ම අධික දුර්ගන්ධය මෙයට හේතු වී තිබේ.තම දරුවන් මැස්සන් නිසා නිතර රෝගාතුර වන බවත් තමන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට ලිඛිතව දැනුම් දුන් නමුත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව ප්‍රදේශවාසීහු පවසති.මේ හේතුවෙන් එහි ජීවත්වීමට අපහසු තත්ත්වයක් ඇතැයි ඔවූහූ කියති.

එම ගොවිපලේ සේවකයකු පැවසුවේ තම ගොවිපලේ කටයුතු නිසි පරිදි සිදුවන බවයි.ජනතාව චෝදනා කරන අයුරින් කිසිදු ගැටළුවක් නැතැයි ද ඔහු පැවසීය.කෙසේ වෙතත් ගොවිපලේ ස්ථාන රැසක මැස්සන් සිටින බවත් අවට නිවෙස් ආසන්නයේ දුර්ගන්ධයක් පවතින බවත් දැකගත හැකිය.

මේ සම්බන්ධයෙන් ප‍්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක බන්දුල මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ අදාළ ගොවිපළේ ගැටළුකාරි තත්ත්වයක් ඇති බවයි.පරික්ෂා කිරීම් හා ලද පැමිණිලි සැලකිල්ලට ගෙන මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය.



අදහස් (0)

කුකුළු ගොවිපළක් නිසා ආටිස්මලේ කරදර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 695 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2366 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site