(දිලීප් ජයසේකර)
නිවසේ ඇති කුකුළු කූඩුවක කංසා වගා කළ පුද්ගලයෙකු කිරින්ද ගොඩාන ප්‍රදේශයේදී තංගල්ල සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් අද(26) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇස්ටින් ගම්මානය, නිදන්ගල වැල්ල, ගොඩාන, කිරින්ද පදිංචි 52 හැවිරිදි තිදරු පියෙකි.
නිවසේ අතහැර දමා ඇති කුකුළු කූඩුවක් තුළ කලක් තිස්සේ කංසා වගා කරගෙන ගොස් තිබේ. අඩි පහක් පමණ උස කංසා ගස් කිහිපයක්ද පොලිසිය සොයාගෙන ඇත.
තංගල්ල කොට්ඨාසබාර පොලිස් අධිකාරීවරයා ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කුකුළු කූඩුවක කංසා වැවූ අයෙක් අත්අඩංගුවට