IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


කැකිරි වලට නිසි මිලක් නැති වීමෙන් ගොවියා අසීරුවට

(දයාරත්න ඇඹෝගම)

පසුගිය මාස් කන්නයේ පැවති දැඩි නියගය හමුවේ  කැකිරි වගා කළ ගොවින්ගේ කැකිරි අස්වැන්න සරුසාර වුවද ඒ සඳහා වෙළඳපලේ සාධාරණ මිලක් නොමැති නිසා ගොවීහු අසරණ වී සිටිති.

කැකිරි කිලෝවක්  රුපියල් පහකටවත් අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් අස්වැන්න නෙලා ගැනීම අත්හැර  දමා තිබේ.

අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කිරිමට නොහැකි වීමෙන් කැකිරාව,මොරගොඩ,අමුණකොලේ, මානන්කට්ටිය, උණාගොල්ලෑව,යකල්ල,හුරුළුවැව වැනි ප්‍රදේශවල මෙසේ කැකිරි වගාව අතහැර දැමීමෙන් ඒවා කුණුවෙමින් පවතී.

අහස් ජලය නොමැතිව වගා ළිං වල ජලය යොදා ගනිමින්  වන අලින්ගෙන් ආරක්ෂා කර ගනිමින් මහත් වෙහෙසක් දරා වගා  කළ කැකිරි වගාවට වෙළඳපොලේ මිලක් නොමැතිකමින්  මෙසේ වගාවන් අත්හැර දැමීමට සිදුවීම ගොවියාට විශාල පාඩුවකි.



අදහස් (1)

කැකිරි වලට නිසි මිලක් නැති වීමෙන් ගොවියා අසීරුවට

janahitha Wednesday, 18 April 2018 01:30 AM

ජනතාව දේශපාලකයින් පත් කරන්නේ ජනතාවගේ කටයුතු පහසුවෙන් හා සාධාරණව ඉටුකරගැනීමට මිසක් ඒ අයට ලෝවටා යාමට නොවෙයි. මේ ගොවින් දහසක් දුක් විද ගොවිතැන් කරන්නේ ඒ අයට ලෝ වටා තිය රටාවට යන්නවත් නොවෙයි, තම ජීවිතය රැක ගෙන ජිවත් වීමට බව දේශපාලකයෝ අමතක කරන්න එපා. කැකිරි රුපියල් පහටවත් දෙන්න බැරි වුනාට, කොළඹ කැකිරි රුපියල් 50- 100 වෙන්න පුළුවන්. ඇයි රජයට මැදිහත් වෙලා සාධාරණ මිලකට මේවා මිලදී ගෙන රටේ බෙදා හරින්න බැරිද? එදා කල මේවා සම්බන්ධව කටයුතු කිරීමට වෙළද දෙපාර්තමේන්තුවක් තිබුනා. අද ඒවා නැතත් අනේක විද රාජ්‍ය ආයතන තිබුනත්, මහා ජනතාවට කිසිම සරණක් නැහැ. මේ සම්බන්ධව රජය මැදිහත් වියයුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 780 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2424 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site