(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ වතු කම්කරුවෝ පිරිසක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සේවයට වාර්තා නොකර අද (03) එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී වතු පාලනාධිකාරියට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූහ.
මෙම උද්ඝෝෂණය සඳහා ඕල්ටන් තේ වතුයායේ, ඕල්ටන්, කිංකෝරා, නිලාවත්ත හා ඕල්ටන් පහළ යන කොටස්වල වතු කම්කරුවෝ 700 කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
හොරණ වැවිලි සමාගමට අයත් මෙම තේ වතුයායේ උද්ඝෝෂණයට එක්ව සිටි කම්කරුවන් කියා සිටියේ, අද දින සේවයට වාර්තා කිරීමට ප්‍රථම වතු පාලනාධිකාරිය තමන්ට විද්‍යුත් හැඳුනුම්පතක් නිකුත් කළ බවත්, එය සමග සේවයට වාර්තා කළ යුතු බවත්, මෙතෙක් කල් නොතිබුණු එම ක්‍රියාව නිසා වතු කම්කරුවන් වන තමන් අපහසුතාවට පත්ව සිටින බවත්ය.
තේ වත්තට කාලයක් තිස්සේ වෛද්‍යවරයෙකු හා ගිලන් රථයක් නොමැතිවීම, තේ වත්ත කැළෑ වැදීම හේතුවෙන් දිවියන්ගේ දැඩි තර්ජනයක් පැවතීම, දිනකට තේ දළු කිලෝ 14 ක් නෙළමින් තිබූ ක්‍රමය වෙනස් කර කිලෝ 18 ක් අනිවාර්යයෙන් නෙළිය යුතු බවට දන්වා තිබීම, රුපියල් ලක්ෂ 67 ක් වැය කර විද්‍යුත් තරාදියක් අමු තේ දලු කිරීම සඳහා මිලදී ගෙන තිබීම, තමන්ගේ හිඟ වැටුප වන රුපියල් 50 වැඩි කර දීමට නොහැකි මෙම වතු සමාගම වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ක්‍රමයෙන් කප්පාදු කරමින් සිටීම ආදිය මෙම විරෝධයට හේතු වී ඇති බව ඔවුහු කියති.
දැනට වත්තේ සිටින වතු පාලකවරයා මෙම වතුයායෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටින මෙම කම්කරුවෝ, තම ඉල්ලීම් ඉටුවන තෙක් වැඩ වර්ජනයක හා උද්ඝෝෂණයක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඔවුහු කියා සිටිති.
අප මේ සම්බන්ධව ඕල්ටන් තේ වතුයායේ පාලනාධිකාරියෙන් කළ විමසුමකදී එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ, මෙම නව හැඳුනුම්පත හා තරාදිය නිසා වතු කම්කරුවන්ට වාසි රැසක් අත්වන බවත් එය ඔවුන් නිවැරදිව තේරුම් ගෙන නොමැති බවත්ය.



2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕල්ටන් වතුයායේ කම්කරුවෝ විරෝධතාවක