(ඉන්දික අරුණ කුමාර)
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ - ඕපල්ගල රක්ෂිතයේ සිදුව ඇති වන විනාශයට රාජ්‍ය බැංකුවක් වගකිවයුතු යැයි නාඋල ප්‍රාදේශීය ලේකම් ආත්මා ඩිලුක්ෂි ජයරත්න මහත්මිය කියා සිටියාය.
යම් පුද්ගලයකුට භූමියක් ලබාදීමේදී එය නිසි පරිදි නිරවුල් කර ලබාදීම කුමන හෝ ආයතනයක් හෝ පුද්ගලයකුගේ වගකීමක් බව ඇය කියා සිටියාය.
ඕපල්ගල රක්ෂිතයේ වන විනාශයක් සිදුවන බව පවසමින් ඕපල්ගල ප්‍රදේශවාසීන් හා පරිසර සංවිධාන රැසක් නාඋල දී පැවැත්වූ උද්ඝෝෂණය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රාදේශීය ලේකම් ආත්මා ඩිලුක්ෂි ජයරත්න මහත්මිය මෙසේ කීවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාඋල ප්‍රාදේශීය ලේකම් ආත්මා ඩිලුක්ෂි ජයරත්න මහත්මිය මෙසේද කියා සිටියාය.
‘ඕපල්ගල - ආනමලේ වත්ත ප්‍රදේශයේ පිහිටි අක්කර 96 ක ඉඩමක් රාජ්‍ය බැංකුවක් විසින් පුද්ලයකුට විකුණා තියෙනවා. එම ඉඩමේ සීමා මායිම් වෙන්කර නොදීමෙන් ඉඩම ලබාගත් හිමිකරු අක්කර 96 ක් වෙනුවට අක්කර 300 ක් පමණ භූමි ප්‍රමාණයක් අත්පත් කරගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් තමන් අදාළ අංශ සියල්ලම දැනුවත් කළා.’
‘ඇත්තටම ඕපල්ගල රක්ෂිතය කියන්නේ ආවේණික සත්ව හා පැළෑටි තියෙන අධි සංවේදී පරිසර පද්ධතියක්. මේ රක්ෂිත සීමාවේ සින්නක්කර ඉඩම් කිහිපයක් තියෙනවා. නමුත් මේ කැලෑවත් වන සම්පතත් ආරක්ෂා කර ගැනීමේ විශාල වගකීමක් අපට තියෙනවා. දැන් ගැටලුව මතුවෙලා තියෙන්නේ රාජ්‍ය බැංකුව සතුව තියන ඉඩමක් පෞද්ගලික අංශයේ කෙනෙකුට ලබාදීලා තියෙනවා. ඔහු ඉඩම තුළ සංවර්ධන කටයුතු ආරම්භ කරන මුවාවෙන් ඉතා විශාල වන සංහාරයක් සිද්ධ කරනවා.’
මේ සම්බන්ධයෙන් සියලු පාර්ශව අපි දැනුවත් කරලා තියෙනවා. ඉතා වටිනා ස්වභාවික ශාක වලට හානි සිදුවෙලා තියෙනවා. ඒ වාගේම වන සංරක්ෂණ මායිම් සීමාවේ අනවසර මායිම් කණු පවා හිටවලා තියෙනවා. මේ තත්ත්වය තුළ වන සම්පතත් ප්‍රජාවගේ ප්‍රශ්නත්, ශාකත් ඒ වගේම අපේ පරිසර පද්ධතියත් ආරක්ෂා කර ගැනීම ප්‍රාදේශීය ලේකම් හැටියට මට තියෙනවා. ඒ නිසා රාජ්‍ය බැංකුවේ සාමාන්‍යාධිකාරි තුමාටම දැනුම් දුන්නා මේ ඉඩමේ පෞද්ගලික අංශයට දුන්නු කොටස හරියට මැනලා අපිට මායිම් නිවැරදිව පෙන්නන්න කියලා.
ඇත්තතටම ඒ අවස්ථාවේදී යහපත් ප්‍රතිචාර දක්වලා මිනින්දෝරු නිලධාරිනියක් ඒ අවස්ථාවේ ඉඩමට එව්වා. ග්‍රාම නිලධාරි මහත්මයාවත් මම එතනට යොමු කළා. නමුත් ඒ නිලධාරිනියට මිනුම් කටයුතු කරගන්න මේ ඉඩම් හිමිකරුවා ඉඩ දීලා නැහැ. ඒ නිසා මේ ඉඩමේ අදටත් නිෂ්චිත වශයෙන් මායිම් අදුනගෙන නැහැ.
මේ ඉඩම් හිමිකරුවා මැත දිනයක ඉඩමට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරනවා කියලා දැනගන්න ලැබුණා. ඒ අවස්ථාවේදී බැංකුවෙන් ඉල්ලීමක් කලා මේක නවත්වන්න කියලා.
රාජ්‍ය බැංකුවක් විදිහට මෙච්චර පරිසර හානියක් කරන කෙනෙකුට මේ ඉඩම ලබානොදීමට හැකියාවක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් සැළකිලිමත් වෙන ලෙසත් ඉල්ලා සිටින්න කැමතියි.‘ යැයි ද ඇය කියා සිටියාය.



2025 නොවැම්බර් මස 04
845
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2488
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1786
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ඕපල්ගල රක්ෂිතයේ වන විනාශයට රාජ්‍ය බැංකුවක් වගකිව යුතුයි’