IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘‘ඕනෑම පරීක්ෂණයකට සූදානම්‘

(මහේෂ් කිර්තිරත්න)
 
තම පාලන කාලය තුළ සිදුවී ඇතැයි කියන සිද්ධීන් පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටි බව මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා අද (06) පැවසීය.
 

වැඩිදුරටත් අදහස් දැක්වූ නගරාධිපතිවරයා මෙසේ පැවසීය.
 
            ‘‘උප නගරාධිපතිවරයා සහ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් පළාත් ආණ්ඩුකාරවරයා වෙත මට විරුද්ධව චෝදනා පත්‍රයක් බාර දීලා තියෙනවා.
 
මම ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටින්නේ භාර දුන් චෝදනා පත්‍රය ගැව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසයි.මීට පෙර හිටිය ආණ්ඩුකාරවරුන් සිව්දෙනා වෙත මෙම මන්ත්‍රීවරුන් මට විරුද්ධව පැමිණිලා කළා.
 
එම චෝදනා පිළිබඳනත් විර්ශනයක් කළා.මම වැඩ කරන්නෙත් කරලා තියෙන්නෙත් නගර සභා ආඥා පනතට අනුවයි.
 
නගර අලංකාර කළ විදී ලාම්පු සහ නිලරථය භාවිතා කිරීම ආදිය සිදු කරලා තියෙන්නේ සභාවේ සියලු මන්ත්‍රීවරුන්ගේ එකගතාවයන් මතයි.
 
මගේ තනි මකයට මේ කිසිවක් නගර සභාවේ කරන්න බැහැ.මේ සියලු දේට තමයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කරන්නේ.
 
නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් නගර සභා භූමියක අනවසර ඉදිකිරිමක් සිදු කරලා තියනවා.එය කඩා ඉවත් කරන ලෙස පළාත් පාලන කොමසාරිස් විසින් දැනුම් දී තියෙනවා.මේ නීතිය නිසි ලෙස මා ක්‍රියාත්මක කරන විට මේ පිරිස මට විරුද්ධව විවිධ චෝදනා එල්ල කරමින් නගරයේ සංවර්ධන කටයුතු නතර කිරීමට කටයුතු කරනවා.
 
නියෝජ්‍ය නගරාධිපතිවරයා පත් කළෙත් මමයි.ඔහුටත් චෝදනා රාශියක් තියෙනවා‘‘ යැයිද අලුවිහාරේ මහතා පැවසිය.



අදහස් (0)

‘‘ඕනෑම පරීක්ෂණයකට සූදානම්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site