IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඔලගංගොඩ රක්ෂිතයේ නිධන් හෑරූ තිදෙනෙකු අත්අඩංගුවට

(නිශාන්ත කුමාර)
 

රිදීමාලියද්ද පොලිස් වසමට අයත් වියළුව, ඔලගංගොඩ රක්ෂිතයේ නිධන් හාරමින් සිටි තිදෙනෙකු අද(23) සැකපිට අත්අඩංගුවට ගත් බව  රිදීමාලියද්ද පොලිසිය කියයි.

ඔවුන්  සතුව තිබූ මල් බුලත් තට්ටු,  නිධානය හැරීමට රැගෙන ගිය ගල්කටු, අලවංගු, තාච්චි ඇතුළු උපකරණ තොගයක් ද පොලිසිය බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ රිදීමාලියද්ද හා ඒ අවට ප්‍රදේශවල පදිංචි අවුරුදු 20, 28 සහ 36 වයස්වල පසුවන තිදෙනෙකි.

 
පොලිසිය ලද ඔත්තුවක් මත මහ වැසි මැද මහ කැලෑව මැදින් කිලෝමීටර් දෙකක් පමණ වූ දුෂ්කර කඳු වැටියක්   තරණය කර ගොස් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ.
 
ඔලගංගොඩ ඓතිහාසික පැරණි රජ මහා  විහාරස්ථානයට කිලෝමීටර් දෙකක් පමණ ඈතින් වූ ගල්  ගල්තලාවක තිබූ තලගොයෙකුගේ සලකුණක් ඉලක්ක කරගනිමින් මෙම නිධන් හාරා ඇති අතර සැකකරුවන් එම තලගොයි රූපයටද හානි සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අද (23) මහියංගන මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමට නියමිතය.

රිදීමාලියද්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ඔලගංගොඩ රක්ෂිතයේ නිධන් හෑරූ තිදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site