(ආනන්ද ඉ. ජයකොඩි සහ තිලකරත්න දිසානායක)
වේයන්ගොඩ, නයිවල ප්‍රදේශයේ ළමා උද්‍යානයක ඔන්චිල්ලාවක් පදිමින් සිටියදී එය කඩා වැටීමෙන් 13 හැවිරිදි දැරියක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර තුවාල ලැබූ ඇගේ මව මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
දියණිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ කොටුගොඩ ප‍්‍රදේශයේ පදිංචිව සිටි දිස්නා ජානකී ගංගොඩවිල (47) නමැති දෙදරු මවකි.
රශ්මි අරලිය නමැති 13 හැවිරිදි ඇගේ දියණිය බරපතල තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්වයෙන් පසුවූ හෙයින් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.
අද (04) පෙරවරුවේදී මෙම අනතුර සිදු වී ඇත.
මෙම සිදු වීම වු අවස්ථාවේදී එම ස්ථානයේ විශාල පිරිසක් සිටි අතර මෙම මව, දියණියත් ඔන්චිල්ලාවේ සිටියදී එය කඩා වැටී කොන්ක‍්‍රීට් තට්ටුවක මත වැටී දෙදෙනාම බරපතල තුවාල ඇතැයිද පොලීසිය සඳහන් කළේය.
මෙම ස්ථානයේ මීට පෙරද පිහිනුම් තටාකයට වැටී දරුවෙකු මියගොස් ඇති බවද පොලිස් පරීක්‍ෂණ වලදී හෙළිවී තිබේ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔන්චිල්ලාවක් කඩා වැටී මව මරුට දියණිය රෝහලේ