
(ප්‍රදීප් කුමාර)
මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි අධ්‍යාපන කලාපයේ පිහිටා ඇති ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කරන ලෙස ඉල්ලා සිසුන්ගේ මව්පියවරු අද(25) විරෝධතාවයක නිරත වූහ.
විරෝධතාවයේ නිරත පිරිස් පවසා සිටියේ ඔඩ්ඩුසුඩාන් මහ විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති නමුත් එසේ නොකිරීමට එරෙහිව බලධාරීන්ගේ අවධානය යොමු කිරීම සදහා මෙම විරෝධතාවය පවත්වන බවය.
විරෝධතාකරුවන් පාසල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වු අතර තම ගැටළුව සදහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මැදිහත්ව තමන් සමග සාකච්ඡා කර ඊට විසදුම් ලබා දිය යුතු බව ඔවුහු කීහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd