IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඒකාබද්ධ කාලසටහනක් ඉල්ලා උතුරේ පෞද්ගලික බස් වර්ජනයක්

 (රොමේෂ් මධුෂංඛ)


ලංගම බස් රථ ධාවනයේදී සිදු වන අසාධාරණකම් හේතුවෙන් ඒකාබද්ධ කාලසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා අද (19) උතුරු පලාතේ සියලුම පෞද්ගලික බස් රථ හිමියන් සිය ධාවන කටයුතු වලින් ඉවත්ව වැඩවර්ජනයක නිරත වූහ.


උතුරු පළාතෙන් පෞද්ගලික බස් රථ 250 කට ආසන්න ප්‍රමාණයක් ධාවනය වන අතර අද දින මෙසේ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීම හේතුවෙන් මගී ජනතාව දැඩි අසීරුතාවන්ට පත්වූහ.


බස් ධාවනයෙන් ඉවත් වූ උතුරු පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් පෙන්වා දෙන්නේ උතුරු පළාතේ පිහිටි ලංගම බස් ඩිපෝ මගින් ඉතා අවධිමත්ව කාලසටහනකින් තොරව බස් ධාවනය කිරීම හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනයට දැඩි සේ අසාධාරණකම් සිදුවන බවටත් පෞද්ගලික බස් රථ ධාවනය කාලසටහනකට සිදු වුවද ලංගම බස් අවධිමත්ව ධාවනය වීම හේතුවෙන් මෙම ගැටලුව උද්ගතව තිබෙන බවටත්ය.


එමෙන්ම ලංගම බස් ධාවනයේදී දුර ගමන්සේවා බස් රථ විශෙෂයෙන්ම යාපනයේ සිට ධාවනය වස බස් රථ වව්නියාව බස් නැවතුම්පලේදී දිගු වේලාවක් නවතා එහි සිටින මගීන්ද රැගෙන යාම මිගන් වව්නියාව බස් නැවතුම්පලේ සිට දුර ගමන් සේවා අරඹන බස් රථවලට දැඩි අසාධාරණයක් වන බවටද පෙන්වා දෙයි.


මේ හේතුව නිසාවෙන් යාපනයේ සිට ධාවනය වන බස් රථ වව්නියාව බස් නැවතුම්පලේ නොනවතා වෙනත් ස්ථානයක නැවත්වීඹට පියවර ගත යතු බවටද පෞද්ගලික බස් රථ හිමියන් පෙන්වා දෙයි.


පසුගිය 17 වැනිදාද යාපනය සිට අක්කරෙයිපත්තු දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් වව්නියාව බස්නැවතුම්පලේදී නවතා මගීන් නංවා ගැනීමත් සමග පෞද්ගලික බස් රථ හිමියන්ගේ පහරදීමක් හේතුවෙන් දැඩි උණුසුම් තත්වයක් හටගෙන ලංගම බස් රථද ධාවනයෙන් ඉවත්ව පහරදුන් පිරිස් අත්අඩංගුවට ගැනීමක්ද සිදු වූ හෙයින් එවැනි ගැටලු සිදු නොවීමට බලධාරීන් කටයුතු කරන ලෙසටද පෞද්ගලික බස්රථ හිමියන් ඉල්ලා සිටිති.


උතුරු පළාතේ ලංගම සහ පෞද්ගලික බස් ධාවනයට විධිමත් ඒකාබස්ධ කාලසටහනක් ඉදිරිපත් කරන බවට බලධාරීන් මීට පෙර අවස්ථා කිහිපයකදීම පොරොන්දු වුවද මෙතෙක එම පොරොන්දුව ඉටු නොවීම හේතුවෙන් මෙම ගැටලුව දිනෙන් දින වැඩි වන හෙයින් ඉතා ඉක්මනින් මෙම ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙසට වැඩවර්ජනයේ නිරත පෞද්ගලික බස් සංගම් විසින් වැඩි දුරටත් ඉල්ලා සිටිති.



අදහස් (1)

ඒකාබද්ධ කාලසටහනක් ඉල්ලා උතුරේ පෞද්ගලික බස් වර්ජනයක්

Bamunuarachchi Wednesday, 19 September 2018 01:57 PM

අනික් පලාත්වල තිබෙන ලංගම බසුත් මේ පැත්තට දාලා මේ වර්ජනය කඩාකප්පල් කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site