IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


එළවළු මිල ඉහළ දැමීමට එරෙහිව ගොවියෝ හරස්වෙති

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
 
කොරෝනා සිද්ධියත් සමඟ  සීඝ්‍රයෙන් ඉහළ මිලකට අලෙවි වූ එළවළු යාපනයේ ගොවීන් විසින් අද (14) අලුයම් කාලයේ සිට පහත දමා අඩු මුදලට අලෙවිකිරීම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී දැක ගැනීමට හැකිවිය.
 
පසුගිය දින දෙකේ කොරෝනා  සිද්ධියත් සමඟ එළවළු  සීඝ්‍රයෙන් ඉහළ ගොස් වැඩි ඉල්ලුමක් පැවැතිණි. කෙසේවෙතත් මේ පිළිබඳව අවබෝධයක් ලබාගත් යාපනය අර්ධද්වීපයේ ගොවීන් විශාල වශයෙන් අද (14)  අලුයම වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආක්‍රමණය කරන මෙන් එළවළු රැගෙන විත් තිබිණි.
 
යාපනයෙන් එළවළු රැගෙන ආ ලොරිවලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිරී ඉතිරී ගොස් තිබුණු අතර යාපනයේ ගොවීන්, ව්‍යාපාරිකයින් රැසක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී දැක ගැනීමට හැකිවිය.
 
යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණු අර්තාපල්, අල, වම්බටු, මෑකරල්, රතු ළූනු, මාලුමිරිස්,  අමුමිරිස්, වට්ටක්කා, බණ්ඩක්කා, පතෝල ආදී එළවළු වර්ග රැසක් ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විත් තිබිණි.
 
යාපනයේ සිට පැමිණෙන ලොරි රථවල  ඇතුළත සහ ලොරිවල පිටතද විශාල වශයෙන් තොග අහුරා රැගෙනවිත් තිබීම තිබෙනු දැක ගැනීමට හැකි විය.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් කියා සිටියේ යාපනය අර්ධද්වීපයේ ගොවීන් කොරෝනා  සිද්ධියත් සමඟ රටේම එළවළු මිල බස්වා ජනතාවට අවශ්‍ය එළවළු තොග ලබාදීම සිදුකළ බවයි.
ඒ නිසාම එළවළු සෑම වර්ගයක්ම 60% කටත් වඩා අඩු වීම විශේෂත්වයක් බව  ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්හ.

 

ව්‍යාපාරිකයින් කියාසිටියේ කිසිඳු බියකින්, සැකයකින් තොරව එළවළු අවශ්‍ය ප්‍රමාණයක් වෙළඳපොලේ පවතින බවයි. එමෙන්ම බොහෝ ව්‍යාපාරිකයන් සිංහල අලුත් අවුරුදු දිනවල එළවලු මිලදී ගන්නා හා සමානව වැඩි වශයෙන් එළවළු මිලදී ගැනීමට පෙළඹී සිටින බවද ඔවුහු පෙන්වා දෙති.
 
යාපනයේ අර්ධද්වීපයේ ගොවීන් එළවළු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට නොගෙනෙන්නට විශාල එළවළු තොග මිල ඉහළ යාමට ඉඩ පැවති බවද ව්‍යාපාරිකයෝ කියති.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ සෑම එළවළුවක්ම රුපියල් 100කට වඩා අඩුවෙන් පැවතීම විශේෂත්වයකි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ළූණු හිඟයක් මවා පා ඔවුන්ගේ ගබඩාවල තබාගෙන පාලන මිලට වඩා වැඩියෙන්  ලොකු ළූණු තොග අලෙවි කරන ජාවාරමක් ක්‍රියාත්මක වන බවද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.



අදහස් (3)

එළවළු මිල ඉහළ දැමීමට එරෙහිව ගොවියෝ හරස්වෙති

raheem Saturday, 14 March 2020 07:37 AM

දඹුල්ලේ එළවලු ගන්න පිටරටිනුත් ඇවිල්ලා.

:       0       0

C Ameresekere Saturday, 14 March 2020 07:50 AM

අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන මේ කර ඇති සත් ක්‍රියාවට අප සියලු දෙනාගේම ස්තුතිය මෙම ගොවින් හට ලබාදිය යුතුව ඇත. උද්ගත වී ඇති තත්වයෙන් අයුතු ප්‍රයෝජන ගන්නන් හට රජයෙන් නිසි පියවර ගත යුතුව ඇත.

:       0       0

raheem Saturday, 14 March 2020 08:25 AM

දඹුල්ලෙන් එළවලු ගන්න පිටරටිනුත් ඇවිල්ලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 858 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site