(ඉන්දිකා රාමනායක)
විශේෂ කාර්ය බලකායේ 12 වැනි අණදෙන නිලධාරිවරයා වශයෙන් නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා අද (10) සිය ධුරයේ වැඩ බාර ගත්තේය.
විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ අද පෙරවරුවේ පැවති චාම් උත්සවයකින් අනතුරුව ආගමික වතාවත් මැද නව අනදෙණ නිලධාරිවරයා සිය ධුරයේ වැඩ බාරගත්තේය.
සර්ව ආගමිත වතාවත් මැද සුබ ලයනල් ගුණතිලක මහතා සුබ මොහොතින් ඒ මහතා සිය ධුරයේ වැඩ බාරගත් අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.
1985 ජනවාරි මස 20 දින උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව ඇති ලයනල් ගුණතිලක මහතා 1986 මාර්තු මස 20 දින 7 වැනි බ`දවා ගැනීම පාඨමාලාව යටතේ විශේෂ කාර්ය බලකායට බැදී ඇත.
වසර 10 ට කාලයක් පුරා විශේෂ කාර්ය බලකා තුළ විශේෂ මෙහෙවර ඉටුකළ ඒ මහතා පසුව විශේෂ කාර්ය බලකායෙන් ඉවත්ව 1995 වසරේ දී ප‍්‍රධන පොලිස් පරීක්ෂකවරයකු ලෙසට උසස්වීමෙන් පසුව විශේෂ කාර්ය බලකායට සමුදී සාමන්‍ය පොලිස් සේවයට එක්ව තිබිණි.
සහකාර පොලිස් අධිකාරි, පොලිස් අධිකාරි, හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වශයෙන් පොලිසියේ නොයෙක් තනතුරු හෙඹවු ඒ මහතා කොළඹ උතුර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කරන අතරතුර 2019 වසරේ අප්‍රෙල් මස 6 වැනි දින සිට යළිත් විශේෂ කාර්ය බලකායට කැදවා මේ දක්වා එහි නියෝජ්‍ය අනදෙන නිලධාරී වශයෙන් කටයුතු කරමින් සිටියේය.
නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා දක්ෂ බොක්ෂින් කී‍්‍රඩකයකු වු අතර 1983 වසරේ සිට පොලිස් බොක්ෂින් කණ්ඩායම නියෝජනය කරමින් පොලිසිය වෙත ජයග‍්‍රහණ රැසක් අත්කර දීමට සමත් වුහ.


2025 නොවැම්බර් මස 17
21
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
867
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2498
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
එස්.ටී.එෆ් අණදෙන නිලධාරීවරයා වැඩ බාරගනී
upul Monday, 10 February 2020 04:06 PM
මහත්මා ගතිගුන ඇති දක්ෂ නිළධාරියෙක්. උණුසුම් සුභ පැතුම්.!