(වන්නි රොමේෂ් මධුෂංඛ)
මුලතිව් මුල්ලිවයික්කාල් යුද හමුදා කඳවුරක් ආසන්නයේ පිහිටි මුහුදු තීරය ආසන්නයේ සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් සිදු කරන ලද කැනීමකදී එල්.ටී.ටී.ඊ. නිලඇඳුමක කොටස් හා ඇටසැකිලි කොටස් කිහිපයක් සමග අත්බෝම්බ 2ක් අද (18) අළුයම හමු වී ඇති බවට මුලතිව් පොලීසිය පවසයි.
යුද සමයේදී ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු එම සංවිධානය විසින් මෙම ස්ථානයේ වලදමා පසු බසින්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පල කර සිටියි.
කෙසේවෙතත් අදාල ඇටසැකිලි හමුවීම සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය විසින් මුලතිව් අධිකරණයට කරුණු දක්වා මහෙස්ත්‍රාත් වරයාගේ නියෝගයන් පරිදි එම ස්ථානයේ වැඩි දුර කැණීමක් සිදු කිරීමටද පියවර ගන්නා බවට පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
816
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
596
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
එල්.ටී.ටී.ඊ. නිලඇඳුමක් සමග ඇටසැකිලි කොටස් හමුවේ